උග්‍ර විදේශ විනිමය අර්බූදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර ඇති ගැටුම ප්‍රසිද්ධියේම රටට අනාවරණය කළේය.
ඒ, අද සවස පැවැති ‘මුලු රටම හරි මගට’ රැස්වීමේදීය.
මෙහිදී වීරවංශ මහතා පෙන්වා දුන්නේ කබ්රාල් මහතා විසින් යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට මාස 6ක් ගියද තවමත් මුදල් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ සිදු කොට නොමැති බවකි.
එමෙන්ම වීරවංශ මහතා මෙම කතාවේදී බැසිල් රාජපක්ෂ මහතාට තවත් බරපතළ චෝදනා ගණනාවක්ම එල්ල කිරීමට පියවර ගත්තේය.










