ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදිි සිදුකරන ලද ජනමත විමසුමක ප්‍රතිපල මේ වනවිට පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා අතට පත්ව ඇති බව දැනගන්නට ඇත.
මෙම මත විමසුම සමස්ත දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි සිදු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කොට තිබේ.
එම මතවිමසුමට අනුව පොහොට්ටුවට අතිශය වාසිි සහගත දිස්ත්‍රික්ක මොනවාද, අවාසි සහගත දිස්ත්‍රික්ක මොනවාද සහ වැඩිපුර අවධානය දිය යුතු දිස්ත්‍රික්ක මොනවාද යන්න සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම මතවිමසුමේ ප්‍රතිපලයන්ට අනුව අවශ්‍ය ඉදිරි වැඩකටයුතු දැනටමත් සම්පාදනය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.