එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය පුරා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයදැයි හඳුනා ගැනීමට පරීක්‍ෂණ කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.
එම ආසාදිතයන් දෙදෙනාගේ ජීව සාම්පල මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියාය.










