අද (15) උදෑසන වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1,723 දෙනෙකි.
ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 682 එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මිනුවන්ගොඩ ආසාදිත පොකුර වාර්තා වු අයුරු,
පළමු සතිය තුළ ඔක්තෝබර් 5 සිට 11 දක්වා – 1186
ඔක්තෝබර් 12 වන දින – 121
ඔක්තෝබර් 13 වන දින – 90
ඔක්තෝබර් 14 වන දින – 194
ඔක්තෝබර් 15 වන දින – 132 උදෑසන 6 වන විට










