මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයෙන් මතුවූ කොරෝනා පොකුර රට ඇතුළේ ව්‍යාප්ත වීමත් සමග ගැටලු රැසක් රට ඇතුළේ නිර්මාණය වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ හමුවූ රෝගීන් ප්‍රවාහනය කිරීමේදී මෙන්ම පරීක්ෂණ පැවැත්වීමේදීත් ගැටලු රැසක් මතුවී ඇති බවත්, ඇදන් ප්‍රමාණය පවා අවම බවට තොරතුරු වාර්තා වී ඇති බවත්ය.
එමෙන්ම ඉන්දියානු ජාතිකයන් කිහිප දෙනකු මෙම ඇගලුම් හලට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවටත්, ඉන් අනතුරුව රෝගය පැතිර යාම ආරම්භ වී ඇති බවටත් තොරතුරු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විශේෂ ප්‍රකාශයක් රට හමුවේ කළ යුතු බවද විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියේය.










