අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්නොකිරීමෙන්, මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි, ගොනුකළ පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර හිමිව තිබේ. (Sri Lanka Latest News)
ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කරමින් මෝසමක් ගොනුකර තිබෙන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.










