පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ADVERTISEMENT
බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.
බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.