අද රටේ බඩු මිල රොකට් වේගයෙන් ඉහළ යන බවත්, ඇමැතිවරුන් කියන මිල ගණන්වලට ගැනීමට බඩු නැති බවත් අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ විමල් වීරවංශ මහතා ඇතුලු පාර්ශ්වයට ආණ්ඩුව සම්බන්ධයෙන් යම් කලකිරීමක් පවතින බවකි.
හැකිනම් පළාත් සභා පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කළ ආනන්ද හිමියෝ අලුත් අවුරුද්දෙන් පසු ආණ්ඩුවට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවද සදහන් කර සිටියේය.










