මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අතර ගොවීන්ගෙන් කහ සහ බඩඉරිගු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීමට ආසන්න බැවින් එම ගොවීන්ට සාධාරණ මිලක් හිමි වියයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරඇත.
වෙළෙඳුන් තොඟ රැස් කිරීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත් වියයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.










