කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදීම විවාදයට ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ජන්ද විමසීම 20 වැනිදා පස්වරු 4ට පැවැත්වීමටද නියමිතව තිබේ.
මෙහිදී නිල නොවන ආරංචිමාර්ගවලින් කියවෙන්නේ පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන එක්කිරීමෙන් පසු සරල බහුතරයක් යටතේ කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවකි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සදහා අනුමැතිය ලබා දෙනු ඇති විශ්වාසයකින් ආණ්ඩුව සිටින බවද එම නිලනොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.