රිෂාඩ් බදුර්දීන් මහතාෙගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පොහොට්ටුවට සම්බන්ධ පිරිසක් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.
බදුර්දීන් මහතා මේ දිනවල එක්සත් ජාතික පෙරමුණේ යම් යම් කටයුතු මුල්කරගෙන කලකිරීමකින් සිටින බවට තොරතුරු ලැබී තිබීම මෙම මෙහෙයුම දියත් කිරීමට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් දා ගෝල්ෆේස් පිටියේ පැවැති ප්‍රේමදාස මහතාගේ මංගල රැලියේදී කතාවක් නොදීම මුල් කරගෙන මෙම කලකිරීම හටගෙන ඇති බවද වාර්තා වේ.










