මෙවර මැයි දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
පොහොට්ටුව මෙවර මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේදීය.
මාලිමාව සුපුරුදු පරිදි කොළඹ බි.ආර්.සී. පිටියේදී මැයි රැලිය පැවැත්වීමට සූදානම් කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂය මැයි දින උත්සවය කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට තීන්දු කර ඇත.
කෙසේවෙතත් පොහොට්ටුව සහ මාලිමාව අතර මෙවර මැයි රැලිය සදහා පාක්ෂිකයන් සහභාගී කරවීම පිළිබදව තරගයක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.










