පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් අබිරහස් ලෙස ඇයගේ නිවසේ කාමරයක ඇඳ මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි දුෂ්මන්ති අබේරත්න නැමැති 40 හැවිරිදි වියේ පසු වූ නීතිඥවරියකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ, මෘත ශරීරය කහවත්ත මූලික රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුකර එහි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
පැල්මඩුල්ල පොලිසිය පවසන්නේ එම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මියගිය නීතිඥවරියගේ සැමියා පොලිසියට කැදවා ඇති බවයි.










