ධම්මික පැණිය හදුන්වාදුන් සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩුවෙන් ඉල්ලිමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කතානායකවරයා මෙම පැණිය පානය කර පෙන්වූ බවත් සමහර ඇමතිවරු එම පැණිය විකිණීම සඳහා අවශ්‍ය කටයුතු සකසා දුන් බවටත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කරනු ලැබීය.
එමනිසා මෙම පැණිය භාවිතා කළ පුද්ගලයින් ඉදිරි කාලයේ කුමන හෝ අතුරු අබාධයකට ගොදුරු වුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී කියා සිටියේය.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල ඖෂධය මගින් කොරෝනා වෛරසය මැඩලිමේ කිසිදු හැකියාවක් නැතැයි මේ වන විට සනාථ වි ඇති බවයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර අදාල පැණිය හදුන්වා දුන් පිරිස් සහ එය ජනගත කළ පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.










