කොරෝනා පැණිය ලෙස සමාජයේ ප්‍රචලිතව ඇති පැණිය සෞඛ්‍ය අංශ විසින් තහවුරු කොට නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.
කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත්, එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ඒ මහත්මිය සදහන් කරයි.










