• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස් වෙයිද-ෆේල් වෙයිද: ණය බෝම්බය පුපුරයිද?

November 24, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
පාස් වෙයිද-ෆේල් වෙයිද: ණය බෝම්බය පුපුරයිද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව අද (වර්තමානයේ) යුද්ධයකට මුහුණ පා ඇත. එය ගෝඨාගේ තුන් වැනි යුද්ධයයි. ඇත්ත වශයෙන්ම එය ගෝඨාගේම යුද්ධයක් නොවේ. එය අපේත් යුද්ධයයි. අප සියල්ලෝම ඒ යුද්ධය අරමුණ පෙරදැරිව අධිෂ්ඨානය පෙරදැරිව, කායික මානසික යන ද්වන්ධ ශක්තිය හා ජවය එකට කැටිකොට ජයග්‍රණය කළ යුත්තකි. අපේ ලක් මෑණියන් වැටී සිටින මේ ආර්ථික අගාධයෙන් ඔසවා නංවා ජාත්‍යන්තර නභෝ ගර්භයේ සිහසුන මත ජය කෙහෙළි බඳවා කිරුළු පළඳවා වඩා හිඳුවන්නට පෙරදී ඇය (රට) වෙනුවෙන් අප කළ මෙහෙය තවදුරටත් දෙගුණ තෙගුණ කර දහඩිය මුගුරු හෙළා කළ යුත්තෝ වෙමු.
අන්න එය අපේ ජාතියේ රටේ අභිමානනීය සංවර්ධනයේ රන් දොරටුවයි.
එසේ නොවුවහොත් ඉදිරි වර්ෂයේ (2021) අය වැය ලේඛනයද සාමාන්‍ය ලියවිල්ලක් වනු නොඅනුමානය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙහෙයවන ලද ආණ්ඩුවේ බලධාරීහු මංගල අය වැය පසුගිය අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන ලෙසට ඔහුගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියහ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධූරයට පත්ව වසරක් ගතවීමෙන් අනතුරුව ඉදිරිපත් කෙරෙන මංගල අයවැයෙන් ආණ්ඩුවේ (2021) මූල්‍යමය සැලසුම අනාවරණය කෙරේ.
ගෝඨාගේ ආණ්ඩුවේ මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ පසුගිය සතියේ ඉකුත් වර්ෂය (2020) වෙනුවෙන් විසර්ජන ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එය ලබා ගත යුතු ණය සීමා වැඩිකර ගැනීම උදෙසාත්, ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සඳහාත් විධායකයෙන් වර්ෂාරම්භයේ දී අනුමත වූවකි. ආණ්ඩුවට ආදායම් උපයා ගැනිමේ යෝජනාවලිය අඟහරුවාදා (17) ඉදිරිපත් කෙරිණි.
ආර්ථික වශයෙන් බලන කල ගතවූ දොළොස් මසක කාලය නාස්තියකි. ගෝඨාට අත ගසන්නට ලැබුණේ අන්දමන්ද වූ ආර්ථිකයක් වූ අතර එය නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ කරවීම වෙනුවෙන් ඔහුට කඩිනම් ක්‍රියාකාරී සැලැස්මක :්ජඑසදබ චක්බ* අවශ්‍යතාව තදින්ම පැවතිණි.
මේ වන විට ගෝඨා තවදුරටත් මග හැරිය නොහැකි යථාර්ථයකට මුහුණපා සිටියි. ඉදිරි වර්ෂය (2021) සඳහා වන අයවැය රටේ ජාතියේ අනාගතය උදෙසා ආර්ථිකය නිසි මගට ගන්නා වූ කඩිනම් කෙටිකාලීන මධ්‍යකාලීන මෙන්ම දීර්ඝ කාලීන යන ත්‍රිවිධ අන්දමේ සැලසුමක් සහිත පදනමක් මත වූ ක්‍රියාවලියක් විය යුතුය.
එය ඇපවීමෙන් කැපවීමෙන් පේවීමෙන් ජය ගත යුතු යුද්ධයකි.
මේ ගෝඨාගේ තුන්වැනි යුද්ධයයි. පළමු යුද්ධය පළමු දශකයේ එල්.ටී.ටී.ඊ.ය සමගය. දෙවැනි යුද්ධය දේශපාලනික ආරක්‍ෂාව උදෙසා දෙදහස් (2000) ගණන්වල දෙවැනි දශකයේ විය. ඒ යුද්ධ දෙකම ගෝඨා කජු කන්නා සේ දිනුවේය. තුන්වැනි දසකයේ තුන්වැනි යුද්ධය නම් අර වගේ ගෝඨා හිතන තරම් ලෙහෙසු පහසු එකක් නම් නොවේ.
එහෙත් ගෝඨාට එම යුද්ධය කරන්න බැරිනම් කරන්න එකෙකුද නැත.
ඒ නිසා බැරෑරුම් වුවත් අභියෝගාත්මක වුවත් කළ යුත්ත කළ යුතුමය. ඒ ටික ඇත්තේ ගෝඨාගේ අතේය.
මන්ද? අද යමක් වැරදුනහොත් එය වැරදුණාමය. එය යළි හරිගැස්සිය නොහැකි irreparable බැවිනි. එසේ වැරදුණේ නම් අපේ රට ශ්‍රී ලංකාව සදාකාලිකවම දුර්වල ආර්ථික තත්ත්වයේ රටක් වශයෙන් පවතින්නටද බැරි නැත.
ගෝඨා භාරගත් ආර්ථිකය අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධිවලින් ගහණ (පරිපූර්ණ) එකකි. ආර්ථික වර්ධනය දෙදහස් දහතුනේ (2013) සිට අවරට යමින් තිබිණි. ඇදි ඇදී තිබූ තිස් අවුරුදු යුද්ධය දෙදහස් නමයේ (2009) අවසන් වූ වහාම ආර්ථික ක්‍රියාවලියේ කිසියම් උන්නතිගාමී පිබිදීමකින් සියයට අට (8%) ඉක්ම වූවේය.
එහෙත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ දෙදහස් දහ තුනේ (2013) ක්‍රියාත්මක කෙරුණු දේශීය ආර්ථිකය පදනම් කර ගත් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියෙන් එම උන්නතිගාමී ප්‍රවේගය තවදුරටත් රඳවා තබා ගත නොහැකි විණි.
දෙදහස් පහළොවේ (2015) බලයට පත් යහපාලන ආණ්ඩුවටද හිමිවූවේ කේඬෑරී ගැසුණු ආර්ථිකයක් බැවින් කිසිදු වෙනසක් කළ නොහැකි වූවේය. ඒ නිසා 2019 දී වර්ධන වේගය සියයට දෙකයි් දශම තුනක් (2.3%) වීමෙන් ඉහළ මධ්‍යම ආදායම් මට්ටමේ තුබූ රට ලෝක බැංකු කණ්ඩායම විසින් දෙදහස් විස්සේ (2020) මැද භාගයේ දී පහළ මධ්‍යම ආදායම් මට්ටමට තබනු ලැබිණි. ඉහළ මධ්‍යම ආදායම් මට්ටමේ තිබූ රට මෙමගින් වසරක් ඇතුළතදී පහළ මට්ටමට ඇද වැටිණි.

කොවිඞ් මාරයා ආර්ථිකය වට්ටයි

ආර්ථික වේගය ඇදවැටීමේ ප්‍රවනතාව අනුව දෙදහස් විස්සේ (2020) පළමු කාර්තුව වන විට ආර්ථිකය සියයට එකයි දශම හය (1.6) දක්වා ඇකිළී ගියේය. මේ අතරතුරේදී රට මාස තුනකට වසා දමන්නටද සිදුවිය.
මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් දෙදහස් විස්සේදී (2020) ශ්‍රී ලංකාව (5-7%) ඍණ වර්ධන අගයක තැබීය.
පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හුවා දක්වමින් දෙදහස් විස්සේ (2020) ආර්ථික වර්ධනය ඍණ අගය (4.3%)ක් බව දැක්විණි.
කෙසේ වුවද මේ දත්ත පිළිබඳව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් කරුණු පරීක්‍ෂා කර තහවුරු කිරීමක් මෙතෙක් කර නැත.
කොරා්නා වසංගතයේ දෙවැනි රැල්ල පසුගිය ඔක්තෝබරයේ සිට රට පුරා දරුණු ලෙස පැතිරයාම ආරම්භ වීමත් සමග රටේ පවත්නා ආර්ථික සංවර්ධනය තවත් අඩපණ වී දිග්ගැස්සෙන ලකුණු පහළ වී ඇති අතරම ආර්ථිකය වර්ධනයද සියයට හතක් (7%) වශයෙන් ප්‍රකාශ කෙරී ඇත.
මහ බැංකුව කවර අන්දමකින් හෝ සර්ව ශුභවාදී අන්දමට වාර්තා දත්ත ඉදිරිපත් කළත් මේ ඍණාත්මක තත්ත්වය දෙදහස් විසි තුන (2023) වනතරු නම් පවතිනු ඇත. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එතරම් ශුභවාදී ප්‍රවෘත්තියක් නොවන්නේ ඔහුගේ පළමු ධූර කාලය දෙදහස් විසි හතරෙන් (2024) අවසන් වන බැවිනි.
රට මුහුණ පා ඇති තවත් ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එකක් විදේශ විනිමය සම්පත් සක්‍රීය කිරීමය. ඒ රජය සහ පෞද්ගලික අංශය ලබා ගෙන ඇති ණය පහසුකම් ගෙවීම සම්බන්ධයෙනි. දෙවැන්න දෝලනය වන්නා වූ විදේශ විනිමය අනුපාත තත්ත්වය යටතේ තීරණාත්මක ඉතුරු ගෙවීම් සම්බන්ධයෙනි. මේ දෙකරුණින්ම විදේශ විනිමය අනුපාතයට තද බලපෑමක් එල්ලවේ.
කෙසේ වෙතත් මේ දෙකරුණටම ගෝඨාගේ සම්බන්ධයක් නැතත් කරපිට වැටී ඇත්තේ ඔහුගේය. ඒ නිසා ඒවා නිවැරදි කීරීමේ රාජකාරිය ඔහුට භාරය.

අපකීර්තිමත් ඉතුරුම්කරු

ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රශ්නය වසර තිහකට (30) වැඩි කාලයක් තිස්සේ දුගඳ හමන්නකි. අගනා ජාතියක් වීමේ අභිප්‍රාය රඳවාගෙන සිටියත් එය දැන් අපකීර්තිමක් පාරිභෝගිකයකු වී ඇත.
ඉහළ ආයෝජන අවශ්‍යතා උදෙසා අපරිමිත දේශීය ඉතුරුම් වර්ධනය කිරීම නපුරකි. එසේම පීඩාකාරී බලපෑම් එල්ල කෙරෙන කණ්ඩායම් සතුටු කිරීම වස් “හෙට මැරුණත් හිතට සැපයි – අද ජොලි කරලා” සිද්ධාන්තයේ පිහිටා ඉපැයීමට වඩා පරිභෝජනයට වැය කරයි. මේ ක්‍රියාවලිය එක් දහස් නමසිය අසූ අටේ සිට (1988) ක්‍රියාත්මක වන්නකි.
එක් දහස් නමසිය අසූ අටේ (1988) සිට දෙදහස් දහ නමය (2019) දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඉතුරු කිරීම සාමාන්‍යය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි දෙකකි (22%). එහෙත් එම කාලපරිච්ඡේදයේදී එමගින් කෙරී ඇති ආයෝජනය සියයට විසි හතකි (27%). මේ ආයෝජනයත් ඉතුරුමත් අතර පරතරය වූ සියයට පහ (5%) පියවා ගෙන ඇත්තේ විදේශ ණයවලින් හෝ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලිනි. මෙමගින් සිදුවී ඇත්තේ රටේ වැය බර වර්ෂයෙන් වර්ෂය ඉහළ යාමයි.
මෙමගින් ණය ගෙවීමට ප්‍රමාණවත් සම්පත් ඌනතාව නිසා රජයට සිදුවී ඇත්තේ ණය ගෙන ණය සහ ණය පොලී ගෙවීමටය.
අපේ රට සිරි ලංකාව ණය උගුලකට අසුවී ඇත්තේ යැයි කියන්නේ ඔන්න ඕකටය. මේ වන විට උග්‍රවී ඇති මේ නිධන්ගත ගැටලුව ඇවිත් ගෝඨාගේ ගෙදර දොරට තට්ටු කරයි.

උග්‍ර විදේශ ණය

උග්‍ර මට්ටමට පැමිණ ඇති විදේශ ණය බෝම්බය කවර මොහොතක හෝ පුපුරා යන අන්දමේ අවදානමට පැමිණ තිබේ. රජය සහ පෞද්ගලික අංශය ලබාගෙන ඇති මේසා ණය කන්ද ගෙවා දැමීම සඳහා සම්පත් (ආදායම් මාර්ග) සෙවිය යුත්තේය. මහ බැංකුව දක්වන දත්ත අනුව ඉදිරි දොළොස් මාසයේ දී රජය සහ පෞද්ගලික අංශය වෙනුවෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන හයයි දශම හතක් හෙවත් කෝටි හයසිය හැත්තෑවකි. (6,70,00,00,000) ඊළඟ පස් වර්ෂය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු ණය වාරික ප්‍රමාණය රුපියල් කෝටි හාරසිය විස්සකි (4,20,00,00,000).
යථාර්ථය තේරුම් ගත් කෙනකු නම් උදාවී ඇති මේ තත්ත්වය ගැන කියන්නේ නැටුව නැටුම් ඇති යන්නය. ලෝකෙට ණය වෙවී තෙලෙන් කා කිරෙන් අත සේදූ කාලය අවසන් බවය. මේ වන විට අපේ රටේ වෙසෙන දෙකෝටි පනස් ලක්‍ෂයකට ආසන්න විය හැකි සමස්ත ප්‍රජාවම එකිනෙකා රුපියල් හත් ලක්‍ෂයකට (7,00,000) ආසන්නව ණය කෙරී ඇති බවය. මේ ණය කන්දරාව අපේ ජීවිත කාලය තුළ කිසිසේත්ම ගෙවිය නොහැකිය. ඒ ණය කන්දරාව අපේ දරුවන්ගේ කර මත පමණක් නොව ඒ දරුවන්ගෙ දරුවන්ගේත් කරමත පටවා ඇත්තෙමු.
නැති බැරි එකාට පමණක් හැමදාමත් ලැබුණු “පටි තද කර ගනිල්ලා” යන උපදේශය දැන් කල්කදුරු තිත්තක් වී හමාරය. අදත් ඇසෙන්නේ රට සංවර්ධනයට “දුක්විඳපල්ලා, කැප වෙයල්ලා යන උපහැරණයයි”. ඒ උපහැරණය එක් කොටසකට (සාමාන්‍ය මිනිහාට) පමණක් සීමා විය යුත්තක් නොවේ. ඉහළම තලයේ ජනාධිපතිවරයාගේ සිට පහළම මට්ටමේ මහ මග වෙසෙන නැති බැරි එකා දක්වා ඒ යථාර්ථය සාධාරණ වීමය.
ගෝඨාගේ අභියෝගය විය යුත්තේද ඔහුගේ මංගල අය වැයෙන් ඒ සාධාරණ යුක්තිය යථාර්ථයක් බවට පත් කිරීමය.
එසේ වුවහොත් අද සාමාන්‍ය මිනිසාගේ ගෙවල්වල උස් තැනෙක තබා වඳින පිදෙන දේව රූපය පැත්තකට විසි කෙරී “ගෝඨාභය කියන දේවතාවාගේ” පින්තූරයට ප්‍රතිමාවට නම් මේ මිහි තලයේ ඉර හඳ පවත්නා තාක් කල් වන්දනා මාන කෙරෙන්නේමය යන්නද නොකියාම බැරිය.

දුබල වූ අයවැය තත්ත්වය

එක්දහස් නමසිය අනූපහේ (1995) දී සියයට විසි දෙක (22%) තරමේ තිබූ දළ දේශීය නිශ්පාදිතය දෙදහස් දහ නමය (2019) වන විට සියයට දහ තුනට (13%) වැටුණේය. සැපයුම් අංශ දිරිමත් කිරීම උදෙසා දෙදහස් විස්ස (2020) ආරම්භයේ ආණ්ඩුව බදු සහන දීමෙන් දළ දේශීය නිෂ්පාදිතය සියයට නමයක් (9%) විය.
බදු ආදායම දෙදහස් විස්සේ (2020) පළමු හත් (7) මාසයේදී පමණක් රුපියල් කෝටි විසි හත් දහස් හාර සියයකින් (2,74,00,00,00,000) වැටුණේය. එම වර්ෂයේ (2020) ඉතුරු පස් මාසයේ (5) බදු ආදායම තවත් පහළ මට්ටමට වැටෙන්නට විය. හේතුව කොරෝනා වෛරසයේ දෙවැනි ප්‍රහාරය එල්ලවන්නට පටන් ගත් බැවිනි. ආනයනයට සීමා පැනවීම නිසා ආදායම් තත්ත්වය තව තවත් වැටුණේය.
එහෙත් රටේ වැය බිල (විශේෂයෙන් පරිභෝජනය) පෙර පැවති තත්ත්වයට වඩා එන්න එන්නම ඉහළ ගියේය.
ඒ නිසා ඉදිරි වර්ෂයේ (2021) අය වැය නැති වු සියලු දේ යළි අත්පත් කර ගැනීමේ අභිලාෂයෙන් පාදක විය යුත්තකි. මේ වර්ෂයේ (2020) ආරම්භයේ සිට ක්‍රියාත්මක කෙරුණු පරිත්‍යාගශීලී බදු සහනය දීමට පෙර තිබූ තත්ත්වයට යළි යා යුතුව ඇත. මෙමගින් උපාධිධාරීන්ගේ සහ සමෘද්ධි සහනාධාරී පවුල්වල දරුවන්ගේ විරැකියාව තුරන්කර රැකියා උත්පාදනය කළ හැකිය.

ගෝඨාගේ පොරොන්දු

ගෝඨා පසුගිය වසරේ (2019) ජනාධිපතිවරණය සඳහා ආකර්ෂණීය පොරාන්දු මාලාවක් ඉදිරිපත් කෙළේය. දළ දේශීය නිෂ්පාදනය දෙදහස විස්සේ (2020) සිට දෙදහස් විසි හතර දක්වා (2024) සියයට හයයි දශම පහක (6.5%) අගයකට පැමිණවීම එක පොරාන්දුවකි. එය අපේ රටට නිදහස ලැබීමෙන් පසුව හෙවත් පශ්චාත් ස්වාධීන යුගයේ පැවති සියයට හතරයි දශම දෙකේ (4.2) සිට වන වර්ධනයකි. මෙමගින් ගෝඨා අපේක්‍ෂා කර ඇත්තේ දෙදහස් විසි හතර වන විට (2024) ඒක පුද්ගල ආදායමදා දෙදහස විස්සේ (2020) සිට ඇමරිකානු ඩොලර් හය දහස් පන්සියයට (6500) ගෙන ඒමය.
එහෙත් පසුගිය වසරේ (2019) ආර්ථික වර්ධනය සියයට දෙකයි දශම තුනකි (2.3%). එය මේ වර්ෂයේ (2020)ඍණ අගයකි. එසේම මෙය වර්ධනාත්මක තත්වයෙන් දෙදහස් විසි හතර දක්වා (2024) පවත්නේ යැයි අපේක්‍ෂා කෙරේ.
ගෝඨාගේ ඉලක්කය ඉෂ්ට සිද්ධ කර ගැනීම බැරෑරුම් කාර්යයක් වුවත් දැඩි අධිෂ්ඨානයක පිහිටා කටයුතු කළහොත් ගොඩ යන්නට බැරිකමතුත් නැත. (හිත ඇත් නම් පත කුඩා ද?) මන්ද? මේ වන විට විරුද්ධ පාක්‍ෂිකයන් අතරේ බුද්ධිමතුන් පවා රටේ මේ වන විට එකම ගැලවුම්කාරයා ගෝඨා වශයෙන් සලකා හැකි යමක් කිරීමට සූදානම්ව සිටින බැවිනි.
මේ වන විට පවත්නා කොවිඞ් වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කිරීම අසීරු වුවත් ඔහුගේ චිත්ත සන්තානයේ යහපත් අරමුණු තුනක් (3) වුවේය. එකක් උද්ධමනය සියයට පහ (5%) තත්ත්වයේ රඳවා ගැනීමය. දෙවැන්න විරැකියාවද සියයට හතරේ (4%) සීමාවට අඩු මට්ටමෙන් පවත්වා ගැනීමය. තුන් වැන්න දළ දේශිත නිෂ්පාදනය සියයට පහ (5%) මට්ටමේ පවත්වා ගැනීමය. එසේම හෙතෙම විදේශ විනිමය අනුපාතයද ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබුණේය. ඒවා යහපත් ආකල්ප බැව් සැබැවි. එක් පැත්තකින් කොරෝනා මාරයා ඊට හරස් විය. දෙවැන්න ආණ්ඩුවටද අකර්මණ්‍යව සිටින්න සිදුවීමය.

සංවර්ධන ආයතන ස්ථාපනය

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික කළමනාකරණයට ආයතන කීපයක් ස්ථාපනය කිරීමට නියමිතව තිබිණි. ඒවා අතරින් ප්‍රමුඛස්ථානය හිමිව තිබුණේ ජනාධිපතිවරයා ගේ ඍජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාතික ප්‍රතිපත්ති සහ සැලසුම් කොමිසමය. එහෙත් වසරක කාලයක් ඉක්ම ගිය ද එය පිහිටුවනු තබා ඒ ගැන හා හූවක්ද නැත.
එවැනිම තවත් ආයතනයක් ලෙස නම් කර තිබුණේ ජාතික ව්‍යාපාරික අධිකාරියයි. ඉන් අරමුණු කර තිබුණේ පාඩු ලබන සහ අකාර්යක්‍ෂම ආයතන හඳුනාගෙන ප්‍රකෘතිමත් කිරීමය. එහෙත් කොරෝනා මාරයා ඒ සියල්ල නැති භංගස්ථාන කර දැම්මා පමණක් නොව පාඩු ලබන ආයතන සංඛ්‍යාවද වැඩි කෙළේය. සෑම අතකින්ම යෝග්‍ය දක්‍ෂතා ඇති රාජ්‍ය සේවකයන් පිරිසක් නිර්මාණය කිරීම වස් අවශ්‍ය පහසුකම්ද පුහුණු කටයුතු සඳහාද සැලසුම් කර තිබිණි. සංවර්ධනයට වැඩ මිස සටන් පාඨ නොවේ කාලය වහ වහා ගෙවී යයි. ගෝඨාගේ පළමු ධුර කාලයට තව ඇත්තේ වසර හතරකි. අපේ රටටත් එසේමය. ගතවූ වසරක කාලය ඇතුන් ලවා හෝ යළි ඇද ගත නොහේ. අනාගතය ප්‍රථිපලදායක කිරීමට නම් කළ යුතු වැඩ දෙගුණ තෙගුණ කර කළ යුතුය. ඒ සඳහා නේටෝ ප්‍රතිපත්තිය පැත්තකට දමා ජනාධිපති ගේ සිට පහළම තලයේ පුරවැසියා දක්වා තමන්ට කළ හැකි උපරිම කැපවීමෙන් රට සංවර්ධනය කිරීම සඳහා දායකත්වය සැපයීමේ කාලය එළඹ තිබේ.
දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ජපානය ඇදවැටුණු තත්ත්වයටම අද අපද පත්ව ඇත. යුද්ධයේ විනාශය හා ම පුපුරා ගිය පරමාණු බෝම්බය නිසා ජපානයේ ආර්ථිකය ඍණ බිංදුවට වැටුණා යැයි කීමටද නො හැකිය. මන්ද? බිංදුවේද වටිනාකමක් ඇති බැවිනි. පිළිගත මැනවි “ජපනා හපනා වූයේ” විනාශයෙන් පසු එක් දසකයක් ගෙවෙන්නටත් පෙර “ෆීනික්ස් පක්‍ෂියා” මෙන් සියලු අළු ගසා දමා පෙර සිටි තත්ත්වයටම පැමිණි බව සමස්ත ලෝකයටම පෙන්වූ හෙයිනි.
සිංගප්පූරුව ගොඩ නැගූ ලීක්වාන් යූ ප්‍රකාශ කළේ කුමක්ද? “සමාජවාදී වුණත් එකයි. කොමියුනිස්ට් වුණත් එකයි. කවුරු වුණත් මහන්සිවී වැඩකරන්න ඕනෑ. ප්‍රගතියේ ආරම්භය ඒකයි්” යන්නය.
අප වැඩ කළ යුත්තේ ඇයි? මන්නිසාද යත් අප පත්ව සිටින තත්ත්වය අවබෝධ කර ගත යුතු හෙයිනි.

සමස්ත ජාතියේම යුද්ධය

ශ්‍රී ලංකාව අද (වර්තමානයේ) යුද්ධයකට මුහුණ පා ඇත. එය ගෝඨාගේ තුන් වැනි යුද්ධයයි. ඇත්ත වශයෙන්ම එය ගෝඨාගේම යුද්ධයක් නොවේ. එය අපේත් යුද්ධයයි. අපි සියල්ලෝම ඒ යුද්ධය අරමුණ පෙරදැරිව අධිෂ්ඨානය පෙරදැරිව, කායික මානසික යන ද්වන්ධ ශක්තිය හා ජවය එකට කැටිකොට ජයග්‍රණය කළ යුත්තකි. අපේ ලක් මෑණියන් වැටී සිටින මේ ආර්ථික අගාධයෙන් ඔසවා නංවා ජාත්‍යන්තර නභෝ ගර්භයේ සිහසුන මත ජය කෙහෙළි බඳවා කිරුළු පළඳවා වඩා හිඳුවන්නට පෙරදී ඇය (රට) වෙනුවෙන් අප කළ මෙහෙය තව දුරටත් දෙගුණ තෙගුණ කර දහඩිය මුගුරු හෙළා කළ යුත්තෝ වෙමු.
අන්න එය අපේ රටේ ජාතියේ අභිමානනීය සංවර්ධනයේ රන් දොරටුවයි.
එසේ නොවුවහොත් ඉදිරි වර්ෂයේ (2021)අය වැය ලේඛනයද සාමාන්‍ය ලියවිල්ලක් වනු නොඅනුමානය.

ඬේලි එෆ්.ටී. පුවත්පතට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජයවර්ධන මහතා විසින් සකස් කළ ලිපියකි.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කොරෝනා මරණ 90 සීමාවට එයි

Next Post

දෙරණ සභාපති දිලිත්ට ජනපතිගෙන් තවත් විශේෂ පත්වීමක්

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.