• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ‌බෝම්බයට වසරයි: ‌කොරෝනාවේ කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 4, 2020
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
පාස්කු ‌බෝම්බයට වසරයි: ‌කොරෝනාවේ කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ හෝටල් තුනෙන් එකක් නම් සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයය. බෝම්බ ප්‍රහාරයට හසු වූ හෝටලය අප්‍රේල් 30 යළි විවෘත කළේ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ප්‍රදේශය අලුත්වැඩියා කිරීමෙන් පසුවය. මේ සතියේ අහන්න ලැබුණේ එම හෝටලය කොරෝනා වෛරසය හේතු කොට නැවැත දැනුම් දෙන තෙක් වසා තබන්න තීරණය කළ බවය.
2019 අප්‍රේල් සහ 2020 අප්‍රේල් අතර කාලය හරියටම වසරකි. සිනමන් ග්‍රෑන්ඞ් පමණක් නොව පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ අනෙක් හෝටල්ද, ප්‍රහාරයට හසු නොවූ හෝටල්ද කෑ මොර දුන්නේ ‘අපි ඉවරයි’ කියාය. හෝටල් කර්මාන්තයේ අය පමණක් නොව රටේ හැමෝම කීවේ ලස්සනට හැදී ගෙන ආ ලංකාවේ සංචාරක ව්‍යාපාරය මිනිත්තුවෙන් ඉවර වුණා කියාය. හැමෝම වෛර බැඳ ගත්තේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව සමඟය. ඒ වෛරය ලස්සනට හැදුවේ එවකට විපක්‍ෂයේ සිටි පොදුජන පෙරමුණය.
‘කලින් ඔත්තුව ලැබිලත් ප්‍රහාරය වළක්වන්න බැරි වුණා…’
‘ඉස්ලාම් ත්‍රස්තවාදීන් හුරතල් කළා…’
‘මුන් මකබෑවෙන්න ඕනෑ…’

මේ එදා පොදුජන පෙරමුණ කී කතාය. ඔවුන් එසේ කීවා පමණක් නොව රට පුරා මුස්ලිම් විරෝධයක්ද නිර්මාණය කරනු ලැබීය. ඒ විරෝධය මැද මුස්ලිම් කඩ ගිනි තියනු ලැබීය. ඇත්තටම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමේ වගකීම පැවරී තිබුණේ මෛත්‍රිපාලටය. ඔහු රටේ ආරක්‍ෂක ඇමැති වූ අතර, ආරක්‍ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී ඔහු අගමැති රනිල්ව හෝ ඔහුගේ ආණ්ඩුව සම්බන්ධ කරගත්තේ නැත. ඔහු ආරක්‍ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගනිද්දී උපදෙස් ගත්තේ එවකට විපක්‍ෂයේ සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගෙනි. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට ඔහු විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි කර ගනු ලැබීය. ව්‍යවස්ථාවට අනුව අගමැති, ආරක්‍ෂක මණ්ඩල සාමාජිකයකු වුවද මෛත්‍රී ඔහුට ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට ආරාධනා කළේ නැත.
මේ බව දැන දැනම එවකට විපක්‍ෂයේ සිටි පොදුජන පෙරමුණ මෛත්‍රීව බේරා චෝදනා එල්ල කළේ රනිල් ඇතුළු යූ.ඇන්.පී. ආණ්ඩුවටය. මේ ප්‍රහාරයට වගකිව යුත්තේ මෛත්‍රි යැයි කීවේ ආණ්ඩුව නියෝජනය කළ සරත් ෆොන්සේකා ඇතුළු කිහිපදෙනෙක් පමණි. පොදුජන පෙරමුණ පෙන්නුවේ රනිල්ගේ ආණ්ඩුව ආරක්‍ෂා කරන මුස්ලිම් පක්‍ෂ කියන පදයට නටලා ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට කිරි පෙව් බවය. මිනිසුන් මේවා විශ්වාස කළේය.
‘මුන් හිටියොත් අපි ඉවරයි…’
‘තව බෝම්බ පුපුරවනකන් මුන් ඇස්, කන් වහගෙන ඉඳියි…’

මිනිස්සු කියන්න පටන් ගත්හ. ඇත්තටම පාස්කු බෝම්බය යූ.ඇන්.පී. ආණ්ඩුව පුපුරුවන්න පත්තු කළ බෝම්බයක් මෙන් විය. බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඔත්තුව ඉන්දියාව විසින් දී තිබියදීත් ආණ්ඩුව එය වළක්වන්න කිසිත් නොකළාය කියන චෝදනාව පොදුජන පෙරමුණ යූ.ඇන්.පී. ආණ්ඩුවේ බෙල්ලේම එල්ලුවේය. සජිත් ජනාධිපතිවරණයට ගියේ ඒ චෝදනාව නම් වූ මහමේරු පර්වතය බෙල්ලේ එල්ලාගෙනය. ඔහු පරාජයට පත්විය. එහෙම බලන කොට පාස්කු බෝම්බ ප්‍රහාරය පොදුජන පෙරමුණට ඇදුණු ලොතරැයියක් වගේය.
ඒ ලොතරැයිය ඇදිලා මේ අප්‍රේල් මාසයට හරියටම වසරකි. වසර ලබද්දීම පාස්කු ප්‍රහාරයට වඩා හැම අතින්ම දරුණු වෛරසයකින් පොදුජන පෙරමුණු ආණ්ඩුව ගිනියම් වෙමින් තිබේ.
“වෛරසය ලෝකේ පැතිරෙන්න පටන් ගත්තේ ජනවාරිවල. ආණ්ඩුව මාර්තු වෙනකන් මොකද කළේ…?’
අද විපක්‍ෂය නොඅහන ඒත් මිනිසුන්ගේ හිත අහන ප්‍රශ්නය මේකය. 2020 පෙබරවාරි 5දා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් කොරෝනා වෛරසය ගැන ප්‍රශ්න වැලක් ඇහුවේය. පාර්ලිමේන්තුවේදී අහපු ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රාය. පහත දැක්වෙන්නේ ඒ ප්‍රශ්න සහ උත්තරය,
සජිත් ප්‍රේමදාස – මේ වෛරසය සාර්ස් වෛරසයට වඩා දරුණුයි. චීනයෙන් පිටත පළමු මරණයත් වාර්තා වුණා. මේ වන විට ලංකාවෙන් හමුවූ පළමු රෝගියා චීන කාන්තාවක්. ඒත් රෝගය වැලඳී ඇති බවට සැක පිට රෝගීන් රෝහල්වලට ඇතුළත් කොට තිබෙනවා. මේ තත්ත්වය තුළ චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කරන්නේද?
පවිත්‍රා වන්නිආරච්චි – අද මේ රෝගය පැතිරී යෑමේ තත්ත්වය සලකා බැලීමේදී චීනයෙන් පැමිණෙන අය සති දෙකක නිරෝධායනයකට ලක්කිරීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නැහැ. ඔවුන් කොතැනක හෝ නවතා නිරෝධායනය කිරීම ප්‍රායෝගික නැහැ.
සජිත් ප්‍රේමදාස – වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා භාවිත කළ හැකි මුඛ ආවරණ හිඟයක් තිබෙනවා. මේ තත්ත්වය වළකා මෙය හදිසි තත්ත්වයක් සේ සලකා මුඛ ආවරණ නොමිලේ ලබා දීමට රජය කටයුතු කරනවාද?
පවිත්‍රා වන්නිආරච්චි – රෝගය පැතිරී යෑමේ වර්තමාන තත්ත්වය සලකා බලන විට මේ ගැන ජනතාව කිසිදු බියක් ඇතිකර ගතයුතු නැහැ. රෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්ද දැනට උද්ගතවී නැති බව මේ සභාවට මම සඳහන් කරන්න ඕනෑ. වර්තමානයේ අපේ රටේ නිරෝගී සාමාන්‍ය ජනතාව සඳහා මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් තිබේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ. විපක්‍ෂ නායකයා අපේ රටේ ජනතාවට මුඛ ආවරණ දෙන්න කියල කීවාට වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් එවැනි අවශ්‍යතාවක් පැනනැඟී නැති බව අපි විශ්වාස කරනවා.
සජිත් ප්‍රේමදාස – මෙම වෛරසය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන නිසා ඉදිරියේදී අපේ රටත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇති නිසා සියලුම අංශ ආවරණය වන පරිදි එයට පෙර සූදානමක් ඇතිකර ගෙන තිබේද?
පවිත්‍රා වන්නිආරච්චි – බලපෑමක් සිදුවෙනවා නම් සිදු වන්නේ සංචාරක අංශයට. චීන සංචාරකයන්ගෙන්. ඒ බලපෑම වළක්වන්න අපි දැනටමත් වෙනත් රටවල සංචාරකයන් ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙළක් සකස්කර අවසන්.
සජිත් ප්‍රේමදාස – වෛරසය පැතිරී යෑම වැළැක්වීමට හදිසි තත්ත්වයක් සේ සලකා රටේ ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවාද?
පවිත්‍රා වන්නිආරච්චි – දැනටමත් ඒ සඳහා සියලු අංශ ආවරණය වන පරිදි විද්වත් කමිටුවක් පිහිටුවා ඇත.
දැන් මේ සජිත් අහන ප්‍රශ්න සහ පවිත්‍රා දෙන උත්තරවලින් පැහැදිලි වන්නේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය දැන එය වළක්වන්න කටයුතු නොකළා සේ පොදුජන පෙරමුණු ආණ්ඩුවට කොරෝනා වෛරසය පැතිරෙන මුල් කාලයේ එය වළක්වන්න කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවය. සෞඛ්‍ය ඇමැතිනිය කියන්නේ එය වළක්වන්න රටේ නිරෝගීමත් ජනතාව මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවයක්ද නැති බවය. ඒ වගේම ඇය කොරෝනා වෛරසයෙන් ලංකාවට බලපාන ආර්ථික අර්බුදය ලෙස දකින්නේ චීන සංචාරකයන් ලංකාවට පැමිණීම අඩු වීම පමණි.
මෙයින් පේන්නේ කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුව හිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට කලින් මෛත්‍රි – රනිල් ආණ්ඩුව හිටි තැනම බවය. පවිත්‍රාගේ උත්තරවලින් පසුව ආණ්ඩුවේ ඇමැතිවරු කී පහත කතා බලද්දී ඒ බව මොනවට පැහැදිලි වේ.

‘කොරෝනා නිසා ඡන්දය කල් දැම්මොත් ජනතා ප්‍රශ්න විසඳීම පමා වෙනවා…’
සුසිල් ප්‍රේම්ජයන්ත්

‘ඡන්දය කල් දමන්න ඕනෑ නැහැ. ජනතාව තම තමන්ගේ ආරක්‍ෂාව බලාගත යුතුයි.’
චමල් රාජපක්‍ෂ

‘කොරෝනා කියල ඡන්දය කල් දමන්න බැහැ. එ.ජා.ප.ය. බෙදිලා ඉන්න වෙලාවේ තුනෙන් දෙක ගන්න හොඳම වෙලාව.’
ලක්‍ෂ්මන් යාපා

‘මැතිවරණ කල් දමන්න බැහැ. අපි දිනනවා…’
පවිත්‍රා වන්නිආරච්චි

ආණ්ඩුව කී මේ කතා මිනිසුන්ට හොඳට මතකය. පාස්කු බෝම්බය ‘මගේ තාත්තත් දැන හිටියා’ යැයි හරීන් කී කතාවත්, මේ කතාවත් අතර ලොකු වෙනසක් නැත. එකම වෙනස හරීන්ගේ කතාව මෙරට මාධ්‍ය හැමදාම ප්‍රචාරය කිරීම සහ වෛරසය ගැන ආණ්ඩුවේ ඇමැතිවරු කී කතා ජනතාවට අමතක කරවන්න උත්සාහ කිරීම පමණි.
වෛරසයෙන් ආණ්ඩුව තැතිගත්තේ මාර්තු අගය. ඊට කලින් පෙබරවාරි 17දා පමණ ආණ්ඩුව පාස්කු බෝම්බය වැළැක්වීමට ක්‍රියා නොකිරීමේ චෝදනාවේ ප්‍රධාන චූදිතයා වූ මෛත්‍රිපාලව ආණ්ඩුවේ මහමැතිවරණ සන්ධානයට එක්කරගෙන පොදුජන සන්ධානයේ සභාපති කළේය. ඒ තුනෙන් දෙක දිනා ගන්නටය. මහින්ද මෛත්‍රිව ළඟ තියාගෙන නාම යෝජනාත් අත්සන් කළේය. ආණ්ඩුව අප්‍රේල් 26දා ඡන්දය දැම්මේ පාස්කු ප්‍රහාරය නැවැත රඟ දක්වන්නටය. දැන් 26දා ඡන්දයත් නැත. හරියටම මෛත්‍රිව සභාපති කොට මාසයකට පසු ආණ්ඩුව ඉන්නේ ගිනිකන්දක් උඩය.
‘මෛත්‍රිගේ අපලයක් ආණ්ඩුවට පල දුන්නාද..?’
ඒක අහන්න ඕනෑ ජ්‍යොතිෂවේදීන්ගෙන්ය. හැබැයි පාස්කු බෝම්බයට වසරක් පිරෙන විට ආණ්ඩුවට වැලඳී ඇත්තේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ වෛරසයය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පරෙස්සම් ‌වෙන්න: ‌කොරෝනාවලින් ‌නෙමෙයි අකුණුවලින්

Next Post

ගෝඨා හිටිහැටියේ සිරකරුවන් 2961ක් නිදහස් කළේ ඇයි?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.