අද (26) හරංගල නාවලපිටිය මාර්ගයේ කොත්මලේ ජලාශය ආසන්නයේ සිදුවූ ගිලාබැස්මෙන් කොත්මලේ ජලාශයට මෙමගින් කිසිදු හානියක් හෝ බලපෑමක් නොමැති බවමහවැලි සංවර්ධන අධිකාරියේ කොත්මලේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු විසින් තහවුරු කර තිබේ.
මේ පිළිබදව ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ සම්බන්ධීකරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, යුධ හමුදාව, පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරවරයා සමග ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු මේ බව තහවුරු කර ඇත.
මේ වන විට හරංගල නාවලපිටිය මාර්ගය වසා ඇති අතර මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධානයෙන් පසුවන අතර යම් අවදානම් ලක්ෂණයක් නිරීක්ෂණ වන්නේ නම් හැකි ඉක්මනින් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.










