පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ. රෝහණධීර මහත්මිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ලබන 23 වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.










