පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාවේ වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 22 වන දා සිට පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30ට අවසන් වේ.
පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.
මීට පෙර පාර්ලිමේන්තුව රැස්වුණේ දහවල් 1 සිට රාත්‍රී 7.30 තෙක්ය.