පානදුර ප්‍රදේශයේ මහදවාලේ ගිනි අවි රැගෙන යතුරුපැදියකින් පැමිණ සිදු කළ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට සිදු කළ මෙහෙයුමක් බව මේ වනවිට අනාවරණය වී ඇත.
අදාළ ඝාතනයට මතුපිටින් පෙනෙන මත්ද්‍රව්‍ය සිදුවීමට වඩා ගැඹුරට විහිදී ගිය සිදුවීමක් පවතින බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
එම ඝාතකයන් එදින පැමිණ ඇත්තේද විශ්‍රාමික ජේලර්වරයකුගේ නිවසක සිට බව අනාවරණය වී ඇති අතර දැනට ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.










