ලංකාවේ පාතාල ප්‍රබලයන් ලෙස සැලකෙන කිඹුලාඇළ ගුණා සහ බුම්මා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය කාලයේදී මෙම පිරිස ඉන්දියාවට පළා ගොස් එහි සිට මෙරට කුඩු ජාවාරම සහ පාතාල ක්‍රිකාරකම් මෙහෙයවා ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම බුම්මා නැමැත්තා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්ද වන අතර මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ ඝාතන කිහිපයකටම හෙතෙම සම්බන්ධ වී සිටි බව අනාවරණය වී තිබේ.










