බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ”ගගන” නැමැත්තාට අයත් බව කියන ගිනි අවි තොගයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත්ව ඇත.
මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය මෙය බව කියවේ.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අවි තොගය සොයාගෙන ඇති අතර එහි ටී-56 වර්ගයේ ගිනි අවි 12ක් තීබී ඇති බව පැවසේ.
අදාළ ගිනිඅවි සමග ”ගගන” නැමැත්තාගේ ගෝලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.










