පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට මහ බැංකුවට පළාත් සභා හදිසි ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අරමුදල් නිකුත් කරන ලෙස පසුගිය සිකුරාදා (14) දින නියෝග කළේය.
පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ මැතිවරණය සදහා මුදල් ලබා නොදීමට එරට පාර්ලිමේන්තුව තීන්දු කොට දිනකට පසුවය.
අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් මහතා සිකුරාදා මුදල් අමාත්‍යාංශයේ, මහ මහ බැංකුවේ සහ පකිස්තාන මැතිවරණ කොමිසමේ (ECP) නිලධාරීන් තම කුටිය වෙත කැඳවා අරමුදල් පිළිබඳ පිළිතුරක් ඉල්ලා සිටි අතර, ඊට අවනත නොවුණහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීය.
අධිකරණය විසින් නියෝග කරන ලද හදිසි ඡන්ද විමසීම් සඳහා රුපියල් බිලියන 21 (ඩොලර් මිලියන 74.79) අරමුදල් ඉතිරි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා තීන්දු කර තිබුණි.
ෆෙඩරල් ඒකාබද්ධ අරමුදල්වලින් අප්‍රේල් 17 ට පෙර මුදල් සම්බන්ධීකරණය කර “ඉක්මනින් වෙන් කර මුදා හැරීමට” අගවිනිසුරුවරයා මහ බැංකුවේ වැඩබලන අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයට නියෝග කළ බව රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කොට ඇති පරිදි අධිකරණ නියෝගයේ සඳහන් වේ.