• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්න රැසක්: පළමු දවසේදීම පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්

January 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රශ්න රැසක්: පළමු දවසේදීම පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්
Share on WhatsAppShare on Facebook

අද (05) දින රැස්වූ පළමු දවසේදීම විපක්ෂය නැගූ ප්‍රශ්න කිහිපයක් මුල්කරගෙන පාර්ලිමේන්තුව තුළ විශාල ගාලගෝට්ටියක් මතුවිය.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම, තවමත් කොරෝනා එන්නතක් ලංකාවට ගෙන ඒමට පියවර නොගැනීම, රටේ ආර්ථික තත්ත්වය මුල්කරගෙන ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළ අතර එහිදී ආණ්ඩු පක්ෂය ඊට පිළිතුරු ලබා දීමත් සමග උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

කෙසේවෙතත් මෙහිදී ආණ්ඩු පක්ෂය කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කොට ඇති කරගත් එකගතා මත පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්, අවශේෂ කරුණු පිළිබද සාකච්ජා කොට කාලය නාස්ති කළ යුතු නැති බවත්ය.

කෙසේවෙතත් විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27 (2) යටතේ අද (05) ආණ්ඩුවට යොමු කළ ප්‍රශ්න මෙසේය.

ලොව බොහොමයක් රටවලට ආර්ථික හා සමාජයීය වශයෙන් දැඩි බලපෑම් ඇති කරමින් කොවිඩ් – 19 වසංගතය සීඝ්‍ර‍යෙන් පැතිර යමින් පවතී. මේ සඳහා පිළියම් වශයෙන් රටවල් ගණනාවක් විසින් විවිධ එන්නත් සහ ඖෂධ පිළිබඳව නව අත්හදා බැලීම් සිදු කරමින් පවතී. ඒ අතරින් දැනට අමෙරිකා එක්සත් ජනපදය නිපදවා ඇති මොඩර්නා එන්නත (Moderna Vaccine) සහ ෆයිසර් බියෝන්ටෙක් එන්නත (Pfizer-biontec Vaccine), එක්සත් රාජධානිය විසින් නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත (Oxford- AstraZeneca Vaccine), රුසියාවේ ස්පුට්නික් (Sputnik Vaccine) යන එන්නත් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇත.
මෙම එන්නත්වල අවසාන සායනික පරීක්ෂණ මඟින් මොඩර්නා එන්නන 94% ක්, ෆයිසර් බියෝන්ටෙක් එන්නත 90% ක්, ඔක්ස්ෆර්ඩ් එන්නත 90% ක් සහ ස්පුට්නික් එන්නතෙහි 91.4% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ලොව බොහොමයක් රටවල් මේ වන විටත් ඉහත සඳහන් එන්නත් ලබා ගැනීම සඳහා ඇණවුම් කර ඇත. මොඩර්නා එන්නතේ සමස්ථ නිෂ්පාදනයම සහ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනිකා එන්නතේ නිෂ්පාදනයෙන් 90%ක් පමණ මේ වන විටත් බොහෝ රටවල් විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවට වාර්තා වේ. මීට අමතරව චීනයේ නිෂ්පාදිත සිනොවැක් (Sinovac) කොවිඩ් එන්නත අවසන් අදියරේ අත්හදා බැලීම් නිම කර නොමැති වුවද බ්‍රසීලය, තුර්කිය, චිලී රාජ්‍ය ඇතුළු රටවල් 60 ක් පමණ දැනටමත් මෙම එන්නත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී ඇති බව සඳහන් වේ.
මෙලෙස බොහෝ රටවල් කොවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමේ උත්සාහයක නියැලී ඇති හෙයින්, ලොව පුරා සියලු දෙනා අතර කොවිඩ් එන්නත් සාධාරණ අයුරින් බෙදී යන පරිදි ක්‍රියාදාමයක් දියත් කිරීමේ අරමුණින් “කොවැක්ස් (Covax)” නමින් වැඩපිළිවෙළක් “එන්නත් හා ප්‍රතිශක්තිකරණ සඳහා වූ ගෝලීය සන්ධානය” (Global Alliance for Vaccines and Immunizations – Gavi), Coalition for Epidemic Preparedness Innovations (CEPI) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ. එමගින් දියුණුවෙමින් පවතින රටවල් සඳහා ද ජනගහනයෙන් 20% ප්‍රමාණයකට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වේ.

කොවිඩ් – 19 රෝගය මර්දනය කිරීම සඳහා දේශීයව නිෂ්පාදනය කල විවිධ ඖෂධයන් පිළිබඳ වාර්තා වූ අතර එම ඖෂධ ලබා ගැනීමට, පවතින කොවිඩ් අවදානම් තත්ත්වය ද නොසලකා ජනතාව එක් රැස් වූ ආකාරය තුළින් පෙන්නුම් කරනු ලබන්නේ සුදුසු ඖෂධයකට නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද තුළින් අනුමැතිය ලබා දී කඩිනමින් මහජනතාව වෙත ලබාදිය යුතු බවත්, ජනතාව නොමග යැවීම සිදු නොකර මෙම රෝගය වගකීමකින් යුතුව මර්දනය කළ යුතු බවත් ය.
මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුතු හදිසි කරුණක් වශයෙන් සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. කොවැක්ස් පහසුකම මගින් කොවිඩ් 19 මර්දනය කිරීමේ එන්නත් ලබාගැනීම මත පමණක් රජය සිය පූර්ණ විශ්වාසය තබා තිබෙන බව පෙනී යන නමුත්, කොවැක්ස් වැඩසටහනේ සාර්ථකත්වය ද රඳා පවතින්නේ ඒ සඳහා ධනවත් රටවල් ලබා දෙන පරිත්‍යාග මතයි. ඒ අනුව, කොවැක්ස් වැඩසටහනේ සාර්ථකත්වය මත පමණක් සම්පූර්ණ විශ්වාසය තැබීම සුදුසු බව රජය විශ්වාස කරන්නේ ද? එසේ නොවන්නේ නම් වෙනත් විකල්ප වැඩපිළිවෙලක් රජය සතු ද? එසේ නම් එම වැඩසටහන මේ අවස්ථාවේ දී මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  2. කොවැක්ස් වැඩසටහන සාර්ථක වේ නම් එමගින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට කොවිඩ් 19 මර්දනය කිරීමේ එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආධාර ලැබෙනු ඇත. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත වන ෆයිසර් බියෝන්ටෙක් එන්නත මිල දී ගැනීම සඳහා එම ආධාර ලබාගත හැකි වේද? එසේ නම් ඒ කවදා වන විට ද? එම එන්නත් පළමුව ලබා දෙන්නේ කවර පිරිසකට ද? එම ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුකරන බවට රජය තහවුරු කරන්නේ ද?
  3. ෆයිසර් බියෝන්ටෙක් එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 70 වන අතර මොඩර්නා එන්නත සඳහා සෘණ 20 ක උෂ්ණත්වයක් අවශ්‍ය වේ. ඔක්ස්ෆර්ඩ් එන්නත පමණක් සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ එනම්, සෙල්සියස් අංශක 2-8 ත් අතර ගබඩා කර තැබිය හැකිය. මේ අනුව අප ලබා ගන්නා එන්නත අනුව ශීතදාමය (Cold Chain) සූදානම් කිරීම සඳහා රජයට සැලසුමක් තිබේ ද? ඒ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීමටත් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය පුහුණුව ලබා දීමටත් රජය සැලසුම්කර තිබේ ද? එසේ නම් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?
  4. කොවැක්ස් පහසුකම ලබා ගැනීමට පෙර, එන්නත් නිකුත් කිරීම, ප්‍රවාහනය,ගබඩා කිරීම, එන්නත ලබාද සහ ඒ පිලිබඳ දත්ත ගබඩා කරගැනීම සඳහා සූදානම් වීම ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහා ජාතික විහිදුම් සහ එන්නත් කිරීමේ සැලැස්මක් (National Deployment and Vaccination Plan – NDVP) සකස් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත. රජය විසින් එම සැලසුම සකස් කර තිබේ ද? එසේ නම් එම NDVP සැලසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? නො එසේ නම් ඒ මන්ද?
  5. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු සංවර්ධිත රටවල් මෙන්ම, බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කළාපයේ රටවල්ද මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක එන්නත් මාත්‍රාවන් තොග ඇණවුම් කර ඇති නමුත් අප රජය තවමත් කමිටු පත්කරමින් ඒ පිළිබඳ සළකා බලමින් සිටී. රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ඉහත‌ පරිදි නොමිලේ ලැබෙන එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් වේ යැයි රජය සිතන්නේ ද? නොඑසේ නම් එයට අමතරව තවත් එන්නත් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? ඒ කොපමණක් ද? රටේ සමස්ත ජනගහනයටම සරිලන එන්නත් ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය අපේක්ෂා නොකරන්නේ නම්, මිලදී ගනු ලබන එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු පිරිස කවුරුන්ද ? එසේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන්නේ කෙසේද?
  6. කොවිඩ් සඳහා එන්නතක් මෙරටට ආනයනය කිරීමට අදාල කටයුතු සඳහා රජය විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සුදුසුකම් මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? එම කමිටුව විසින් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද? එන්නත් මෙරටට ගෙන්වීමට එම කමිටුව බලාපොරොත්තු වන්නේ කවදා ද? එම ක්‍රියාවලිය ද රජය විසින් මීට පෙර කරන ලද ඇන්ටිජන් ගනුදෙනුව ආකාරයටම තම හිතවතුන්ට ප්‍රමුඛතාවය ලබා දී සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ද? එසේ නොවන්නේ නම් එම ක්‍රියාවලිය මේ අවස්ථාවේ දී සභාවට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද? නො එසේ නම් ඒ මන්ද?
  7. කොවිඩ් වෛරසය මැඩලීම සඳහා ආයූර්වේද සහ දේශීය වෛද්‍යවරුන් විවිධ ඖෂධ මේ වන විට ඉදිරිපත් කර ඇති අතර රජයට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයින් රැසක් ද එම ඖෂධ ප්‍රසිද්ධියේ පානය කරමින් රටේ ජනතාව ද ඒවා ලබා ගැනීම දිරිගන්වා ඇත. ඒ අතරින් කවර හෝ ඖෂධයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ ඖෂධ නියාමනය සම්බන්ධ වෙනත් රජයේ ආයතනයක් විසින් කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීම සඳහා අනුමැතියක් ලබා දී තිබේ ද? එසේ නම් ඒ පිළිබඳ විස්තර මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? එසේ නොමැති නම් එම ඖෂධ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලෙස අනුමත කර නොමැති බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට රජය කටයුතු කරන්නේ ද?
  8. එසේ කිසිදු අනුමැතියක් එම ඖෂධ සඳහා ලැබී නොමැති නම් රජයේ දේශපාලන පාර්ශවයන් විසින් දිගින් දිගටම එම ඖෂධ ප්‍රවර්ධනය කිරීම තුළින් ජනතාව නොමග යවන බව රජය පිළිගන්නේ ද? එසේ විවිධ ව්‍යාජ ඖෂධ ද්‍රව්‍ය ප්‍රවර්ධනයත්, නිෂ්පාදනය සහ බෙදාහැරීම නීතිය ඉදිරියේ වරදක් බව රජය පිළිගන්නේ ද? එම ඖෂධ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ජනතාව නොමග යවමින් නිෂ්පාදනය කර බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන් මොනවාද? එසේ නොගන්නේ නම් ඒ මන්ද?
  9. ආයුර්වේද හෝ දේශීය ඖෂධයක් සඳහා අනුමැතිය ලබා දෙන නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමටත් එම ඖෂධවල සාර්ථකභාවය තහවුරු කර ගැනීම සඳහා රජය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත්තේ ද? නොඑසේනම් ඒ මන්ද?
SendShareShare
Previous Post

මාවනැල්ල බුදු පිළිමයට ගැහුවේ කුඩුකාරයෙක්: නම ප්‍රියන්ත

Next Post

චන්ද්‍රිකාගේ 2020 ලයිස්තුව එළියට එයි

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.