2020 වර්ෂය තුළ අත්තනගල්ල කේන්ද්‍රීය කොටගෙන සිදුකළ ප්‍රජා සත්කාරයන් සහ අනෙකුත් වැඩසටහන් කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මහත්මිය පියවර ගෙන ඇත.
ඒ මෙසේය.
පාසල් සඳහා පරිගණක කට්ටල 30 ක් ලබාදීම.
දහම් පාසල් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටල 23 ක් ලබාදීම.
ග්‍රාම නිලධාරී වසම් 151 හිම තෝරාගත් ගෙවතු වගාකරුවන් සඳහා එළවලු බිජ සහ පොහොර ලබාදීම.
ජන්ම දින සැමරුම වෙනුවෙන් අනුරාධපුර දුටුවැව මායිම් ගම්මානයෙහි ඇලවේල්ල සකස් කිරීම සඳහා ආධාර ලබාදීම සහ එම ගම්මානයෙහි වෙසෙන දරුවන් උදෙසා ත්‍යාග ලබාදීම.
මාඉඹුල සහ නිකහැටිකන්ද – සපුගස්තැන්න ග්‍රාමසේවා වසම්හි අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස 2 ක් ඉදිකර දීම.
අලවල ඔය ආශ්‍රිතව කුඹුක් ශාක 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම.
අත්තනගල්ල ආසනයෙහි පාසල් සඳහා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් වන වගා ශාක සහ පලතුරු පැල 500 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීම සහ පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශන පැවැත්වීම.
සමාජ මාධ්‍ය හරහා නිර්මාණ තරඟාවලියක් පවත්වා ජයග්‍රාහකයින් හට සහතික, ත්‍යාග ලබාදීම හා හොරගොල්ල සමාධිය, බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය, හොරගොල්ල වලවූව නැරඹීමට අවස්ථාව ලබාදීම සහ සුහද හමුව.
තොරතුරු තාක්ෂණ උපදේශක ගුරු මහත්ම මහත්මීන් සඳහා මාලඹේ SLITT ආයතනය මගින් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් නොමිලයේ ක්‍රියාත්මක කිරීම.
කුරුවමුල්ල මහාවිද්‍යාලය සඳහා ජායා පිටපත් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.
ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ප්රදානය කිරීම
නිරෝදායන ඇඳිරිනීතිය පනවා තිබූ එළුවාපිටිය ගම්මානයෙහි ජනතාව සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම.
බණ්ඩාරනායක මැතිතුමන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේ විසින් නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ දී පවත්වන ලද කාලින ධර්ම දේශනාව.
ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මල් පහන් පුජාව පැවැත්වීම, ජය ශ්‍රී මහා බෝධිය අභියස උදැසන කිරි ආහාර පුජාව පැවැත්වීම, ස්වාමින්වහන්සේලා හට හීල් දානය පිරිනැමීම.
වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේදී කිරි අම්මාවරුන් 100 දෙනෙකු සඳහා දානය පැවැත්වීම.
තිහාරිය ආබාධිත පාසැලට සඳහා ආධාර කිරීම.
බණ්ඩාරනායක දින උත්සවය හොරගොල්ල සමාධිය අභියස පැවැත්වීම.
මරණයට කැපවූ ගවයෙකු නිදහස් කිරීම.
එල්ලක්කල පුරාණ මහා පත්තිනි දේවාලයෙහි දේව පුජාවක් පැවැත්වීම.
අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අසන බලමණ්ඩල රැස්වීම සහ පාක්ෂික හිතවතුන් අතර සුහද හමුවක් පැවැත්වීම.
කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා මුද්‍රණය කර අත්තනගල්ල කොට්ඨාසය තුළ බෙදා හැරීම.











