කලක් රටේ මහත් ආන්දෝලනාත්මක පුවත් මැවු මතභේදයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවයකළ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී අබිරහස් ලෙස මියගොස් ඇතිබෙනවා.
ඇයගේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ පිහිටි නිවසේ එම මෙහෙකාරිය සේවය කර තිබෙනවා.
පසුගිය 11 වැනිදා සවස සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් ඇතුළු රන් භාණ්ඩ ප්‍රමාණයක් සොරකම් කර ඇති බවය.
මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.
මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.
සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල මත වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටිය දී (13) සවස 06ට ඇතිවූ හෙළි නොවුන හේතුවක් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව අභිරහස් ලෙස මියගොස් ඇත. මේ මරණය පිළිබඳව සැක සහිත කරුණු රැසක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.










