දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2015 ජනවාරි මස 08වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙළුම් අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.
ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදුකළ පොදු දේපල අවභාවිතයට වගකිව යුතු පුද්ගලයින් 22ක් එහි සඳහන් කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද ඒ අතර වෙයි