පළාත් සභා අහෝසි කරන ලෙසට ස්වාමින් වහන්සේලා ඇතුලු කණ්ඩායම් කිහිපයක් මත පළ කළද පළාත් සභා ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදීය.
මෙහිදී පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම මදක් පමා කිරීමටද ආණ්ඩුව තීන්දු කර ඇත.
එමෙන්ම නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමෙන් පසු පළාත් සභා මැතිවරණය පවත්වනවාද, පැරණි ක්‍රමයට පළාත් සභා පවත්වනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ජා වී ඇතත් ඒ පිළිබද අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට තිබේ.










