ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පවත්වනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් සදහන් කොට ඇත.
මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ලක් රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට තිබේ.
මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියළු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත.
ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී ඇත.