එන්නත්කරණය ආරම්භ කළ පළමු දිනයේදීම 5286 දෙනෙකුට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ, කොළඹ ජාතික රෝහලේ 1886 දෙනෙකුට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ හමුදා රෝහලේ 600 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බවය.
මේ අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ 400කට, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382කට, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුට, මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුට, බෝවන රෝග විද්‍යායතනයේ 80 දෙනෙකුට සහ වැලිසර නාවික හමුදා කඳවුරේ 56 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් පැවසීය.










