දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීම සදහා පවතින තත්ත්වය ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
සෞඛ්‍ය අංශයේ පුර්ණ නිර්දේශ මත මෙම තීරණ ගැනීම ඉතා වැදගත් වන හෙයින් පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් රැසක් ඊට එක්ව සිටියහ.
ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත සීමාකිරීම් රැසක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව දැනගන්නට තිබේ.










