පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ බාරගැනීමේ නිලධාරියා අල්ලස් ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පළතුරු සැපයුම්කරුවකුගෙන් දිගටම පළතුරු ලබා ගන්නා බව සදහන් කරමින් මාසයකට 30,000ක මුදලක් මෙම නිලධාරියා අල්ලස් වශයෙන් ගෙන ඇති බවත්, මාස 2ක මුදල් වශයෙන් 60,000ක මුදලක් ලබා ගනිද්දී මෙසේ අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම සදහන් කරයි.
කඩුවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.










