ජාතික පාසලක ගැටලුව සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි!
දැරණියගල සිරි සමන් ජාතික පාසලේ පවත්නා බරපතළ ගැටලු කිහිපයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ අවධානය යොමු කරවීය.
ප්‍රමුඛ පෙළේ ජාතික පාසලක් වන එම පාසලේ විද්‍යාගාරය සහමුලින්ම අබලන්ව ඇති බවත්,බරපතළ ගුරු හිඟයක් ඇති බවත් එහිදී විපක්ෂ නායකතුමා පැවසීය.
25%ක් මේ වසරේ දුප්පත් වෙයි! එකට එක්වී එක් වී ජනතාව බේරා ගනිමු.
“පසුගිය වසර තුන තුළ ආණ්ඩුව අනුගමනය කළ ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ග හමුවේ මෙරට ජනතාව අද දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අද වනවිට පුද්ගලයෙකු ලබන ආදායම සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා වී ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් මෙම වසරේ දී දරිද්‍රතාවයට පත්විය හැකි බව ලෝක බැංකුව විසින් පුරෝකථනය කර තිබේ. එපමණක් නොව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෑතකදී සිදු කළ සමීක්ෂණයක් මගින් මෙරට අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 43.4%කට පෝෂණ ඌණතා ඇති බවට හෙළි වී ඇත.
මෙම තත්ත්වයන් ඇති වීමට කොවිඩ් වසංගතය යම් බලපෑමක් ඇති කළ ද, වැඩි වශයෙන් මේ සඳහා හේතු වූයේ විනිමය අනුපාත බලෙන් රඳවා තබා ගැනීම, අනවශ්‍ය ලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දුන් බදු සහන වැනි ආණ්ඩුවේ දුර්වල, ප්‍රායෝගික නොවන තීරණ හා වැරදි ක්‍රියාකලාපයන් ය.
කෙසේ නමුත්, සැවොම එක්ව මෙම අර්බුදයෙන් අප රටත්, සමස්ත ජනතාවත් මුදවා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කළ යුතුයි. යනුවෙන් එහිදී විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායකතුමා 27/2යටතේ ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කරමින් මේ බව පැවසීය.
නීති විභාගයේ ඉංග්‍රීසි මාධ්‍ය ගැටලුව ලෙහන්න!
නීති විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට හදිසියේම ගෙන ඇති තීන්දුව අසාධාරණ බවත් අඩු තරමේ එවැනි තීන්දුවක් ගත යුත්තේ වසර තුනකටවත් පමණ පසුව බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
මීට පෙරද මේ පිලිබදව විපක්ෂ නායකතුමා අවස්ථා දෙකකදී මේ පිලිබදව පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරණු ලැබීය.