• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවුස් හොයන්නයි උදව් කරන්නයි ජීවිතයම කැප කළ ප්‍රේමලාල් මහත්තයා! Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
නිවුස් හොයන්නයි උදව් කරන්නයි ජීවිතයම කැප කළ ප්‍රේමලාල් මහත්තයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ප්‍රේමලාල් මහත්තයට කියමු…’

පොලිසියේ ඕනෑම ගැටලුවකදී අපි ඔහුට කතා කළෙමු. රෝහලකට සම්බන්ධ ඕනෑම ගැටලුවකදී අපි ඔහුව ඇමතුවෙමු. ඔහු ඇඟිලි තුඩක දුරින් මේ සියල්ල තබාගෙන උන්නේය. ශ්‍රී ලංකාවෙ සියලු උසස් නිලධාරීන් පාහේ ඔහුව නමින් දැන උන්නේය. පොලීසිය සමග ඔහු වසර පනහකට ආසන්න කාලයක් ගනුදෙනු කර තිබේ. ඔහු මේ රටේ මහා ප්‍රශ්න සියල්ලකදීම පාහේ පොලීසියෙන් ඒ ගැන අසා තිබේ. පත්තරකාරයෙක් ලෙස අඩසියවසකට ආසන්න කාලයක් කළ මෙහෙය ඔහු හරියටම කර තිබේ. ඒ නිසාම ප්‍රේමලාල් විජේරත්න යනු පත්‍තර ලෝකයේ නොමැකෙන සලකුණකි. Sri Lanka Latest News

මේ ලිපිය කියවන්නට ඔහු නැත. ඔහු සිය පෑන පසෙක තබා සදහටම දෑස පියාගෙනය. අඩසියවසක කාලයක් පුවත්පත්හි රාජකාරි කළ ප්‍රේමලාල් විජේරත්න නම් වූ මාධ්‍යවේදී පරිච්ඡේදය නිමාවී තිබේ.

ප්‍රේමලාල් මහත්තයා කළ කී විස්කම් ගැන පහුගිය සති කීපයේ ඔහු විසින් ලියන ලද තීරුවෙහිදී ඔබ කියවන්නට ඇත. ප්‍රේමලාල් විජේරත්න නම් වූ මාධ්‍යවේදියා සිය ගමන අරඹන්නේ දවසෙහි පත්තරකාරයෙක් ලෙසය. එදවස ‘දවස’ විශිෂ්ට මාධ්‍යවේදීන් මෙලකට බිහිකරන ලදී.

මහත්තයාලා පත්තර රස්සාවට එන්නේ ‘දවස’ හරහාය. ජංගම දුරකතන ආදී කිසිවක් අතේ නොතිබුණු කාලයේ ඔවුන් පත්තර රස්සාව කළ හැටි ප්‍රේමලාල් මහත්තයා කීප වරක් අප සමග කියා තිබේ. ඒ කාලයේ සිටම නොසන්සිඳෙන ප්‍රවෘත්ති පිපාසයකින් පිරුණු ප්‍රේමලාල් විජේරත්න සෑම විටම නොනැවතී ප්‍රවෘත්ති හඹා ගියේය. ඔහු එවැනි විටකදී සිය ජීවිත අවදානම ගැනවත් හිතුවේ නැත. තුවක්කු බට මානන සීමාවේදී පවා ඔහු නැවතුණේ නැත. ඇත්තටම කියනවා නම් ප්‍රේමලාල් විජේරත්න නම් වූ තරුණ මාධ්‍යවේදියා නතර කරන්නට පුළුවන් ජගතෙක් එදවස නොසිටියේය. ප්‍රේමලාල් විජේරත්නයන් සිදුකරන ලද ආන්දෝලනාත්මක වාර්තා කිරීම් නිසා රටේ ඉහළ සිට පහළටම කැලඹීම් ඇති කරන්නට පුළුවන් විය. පොලිසියේ ඉහළම නිලධාරීන් පවා ප්‍රේමලාල් විජේරත්න සමග ඍජුව ගනුදෙනු කළේය. පොලිසියේ, ආරක්ෂක හමුදාවේ ඉහළ නිලතල දරන ඕනෑම ජගතෙක්ගෙන් කෙළින්ම ප්‍රශ්න කිරීමේ හැකියාව ප්‍රේමලාල් විජේරත්නට තිබුණේය.

ප්‍රේමලාල් මහත්තයාගේ දක්ෂතා හඳුනාගත් බොහෝ අය ඔහුව තමන් වෙත රඳවා ගන්නට උත්සාහ කළේය. සිරස ඒ අතරින් ජයග්‍රහණය කළ බව මා දන්නා කරුණකි. දවසේ සිට කෙළින්ම සිරසට ගියාද නැත්නම් අතරමගදී වෙනත් පත්තර කන්තෝරු කීපයක ජීවිතය ගතකොට සිරසට ගියාද නැද්ද කියන්න මම දන්නේ නැත. නමුත් සිරස එෆ්.එම්.හි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් ලෙස ප්‍රේමලාල් විජේරත්න ගතකළ කාලය සිරසේත් ප්‍රේමලාල්ගේත් ස්වර්ණමය කාලය යැයි විශ්වාස කළ හැකිය. කොහොමටත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වාර්තා කිරීම් කළ පුරුද්ද තිබූ සිරසට ප්‍රේමලාල් ඉන්නවාය කියන එක පවා පුදුමාකාර ශක්තියක් විය. එයට හේතුව වූයේ සිද්ධියක් සිදුවූ ක්ෂණයකින් එහි අලගිය තැන් මුලගිය තැන් දැනගත හැකි එකම ජගතා ප්‍රේමලාල් නිසාය.
ප්‍රේමලාල් විජේරත්නයන් සිරසේ කලක් ගෙවා ඉනික්බිති එන්නේ ‘මව්බිම’ටය. ලංකාවේ ආන්දෝලනාත්මක මාධ්‍ය කෙරුවාවක් සහිත කණ්ඩායමක් සමග එකතු වෙන ප්‍රේමලාල් විජේරත්නයන් කොල්ලෝද කෙල්ලෝද සමග හරි හරියට වැඩ කළේය. ලියුම්කරු වූ මට ප්‍රේමලාල් මහත්තයා මුණගැහෙන්නේද ‘මව්බිම’ පත්තර කන්තෝරුවේදීය. එවක ‘මව්බිමෙ’හි විශේෂාංග කර්තෘවරයාව සිටි තිස්ස කොරතොට මහත්තයා විසින් තණමල්විල මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ප්‍රේමලාල් විජේරත්නයන් ළඟට මා යැවූ හැටි අදද මට හොඳටම මතකය.

‘කතා කරන්නේ පොඩ්ඩක් හෙමින්. ඒ උනාට මරු වැඩකාරයා. තොරතුරු ඔක්කොම ටික හරියට අහගනින්…’ තිස්ස කොරතොට මහත්තයා මට කීවේය.
‘මව්බිමේ’ සිය මාධ්‍ය දිවිය නිමාකරන ප්‍රේමලාල් විජේරත්න ඉනික්බිති ‘ජනයුගය’ සමග අලුත් ගමනක් ඇරඹුවේය. ‘ජනයුගය’ හා හිටි යුගය සෑම මාධ්‍යකාරයකුගේම ජීවිතයේ සුවිශේෂ පරිච්ඡේදයකි. නමුත් ‘ජනයුගය’ට ඒ හැටි ආයුෂ තිබ්බේ නැත. ‘ජනයුගය’ කඩාවැටෙද්දී ඉන් ඉවත්වුණු පිරිසක් දැන් ඉරිදා ‘මව්රට’ සමග අලුත් ගමනක් පටන් ගත්තේය. ප්‍රේමලාල් විජේරත්නගේ අවසන් නවාතැන වූයේ මෙන්න මේ ‘මව්රට’යි.

වෛද්‍ය සාෆිගේ සිදුවීමේදී ප්‍රේමලාල් විජේරත්න දැරූ ප්‍රයත්නය අතිශය සුවිශේෂ එකකි. මුළු රටක් වෛද්‍ය සාෆිට එරෙහිව සිටිද්දී මේ මාධ්‍යවේදියා දැරූ මතය අතිවිශේෂ එකකි. සමහර විට ඒ ගැන දැන් කිසිවෙක්ට මතක නැත. නමුත් වෛද්‍යවරයාගේ නිවැරදි බව සමග පෙනීසිටි පුද්ගලයෙක් ලෙස මෙම මාධ්‍යවේදියා හඳුනාගත හැකිය.

කිසි විටෙක මුදලට ධනයට බලයට යට නොවුණු නොසන්සිඳෙන ප්‍රවෘත්ති සැපයීමේ ආශාව සහිත පුද්ගලයෙක් ලෙස ප්‍රේමලාල් විජේරත්න මාධ්‍ය ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලයි. අවසාන දිනය තෙක්ම සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ ප්‍රේමලාල් විජේරත්නලා වැනි මාධ්‍ය දැවැන්තයෝ ලංකා මාධ්‍ය ලෝකයේ එක් පරිච්ඡේදයක් නියෝජනය කළෝය.

‘මව්රට’ අපි අපේ පවුලෙන් නික්ම යන මේ අතිවිශිෂ්ට ජ්‍යෙෂ්ඨයාට මෙසේ සමුදෙන්නෙමු. ඔබ නිසා අප ලද ආලෝකය ඉතා විශාල බව ඔබට දන්වා සිටින්නෙමු. ඔබ නිසා අපට ලැබුණු කීර්තිය ඉතා විශාල බව දන්වා සිටින්නෙමු. දුකේදී සැපේදී අප සමග උන් ආදරණීය ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබ නැතිව අපට දැනෙන පාඩුව ලියා නිමකළ නොහැක. ආගිය මගතොට අප හා රැඳුණු ඔබ නැතිව හෙට අප ඉදිරියට යා යුතුය. චාරිකාවකදී ආදරණීය බිරිඳ සමග විත් සැහැල්ලුවට සිනාසුණු, පරණ රසකතා කියමින් විනෝද වුණු ඔබ නැතිව දැන් අපි චාරිකා යා යුතුය. පත්තර කන්තෝරු තුනක ඔබ සිටි මේසයන් දැක ඇති මට හෙට සිට ඔබ වෙනුවෙන් වෙන්කළ ඔබ නැති මේසය දකින්නට හිත හදාගන්නට සිදුවේ. පොලීසියේ ලොකු මහත්තුරුන්ට හෙට සිට ‘හලෝ මම ප්‍රේමලාල්’ කියා ඇමතුමක් එන්නේ නැත. පොලීසියේත් සෞඛ්‍යයේත් කතන්දර හාරා අවුස්සන්නට කෙනෙක් නැත. ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබ නැතිව දැනෙනා හිස්තැනට විකල්පයක් නැත.
ඔබට සුබ ගමන්…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පිල්ලෙයාන් ඉස්සුවා කියන මහාචාර්යවරයාගේ සිද්ධිය අස්සේ දකුණේ ප්‍රසිද්ධ මහාචාර්යවරු දෙන්නෙක්ගෙ මිනීමැරුම් ගැනත් හොයන්න යයි! ඝාතනයේ විස්තර දැනගන්න පුළුවන් ප්‍රසිද්ධ පුද්ගලයන් ගැනත් ඔත්තුවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දෙම වොල්ගාට ලොකු ඇක්සිඩන්ට් එකක්! Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.