සැක කටයුතු අන්දමින් මියගොස් සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලද එම විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක ලසන්ත හර්ෂ ධනංජය සිසුවාගේ දේහය අද(22) අලුයම ඔහු පදිංචිව සිටි කළුතර, පරගස්තොට, පැල්පොල පිහිටි නිවසය වෙත රැගෙන ආවේය.
ඊයේ(21) අලුයම විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ නිදා සිටියදී ලසන්ත හර්ෂ සිසුවා යගොස් තිබේ. මියයන විට 25 හැවිරිදි වියේ පසුවූ අතර පවුලේ වැඩිමල් දරුවා මෙන්ම එකම පිරිමි දරුවා ද ඔහු විය.
මියගිය ලසන්ත හර්ෂ ධනංජය සිසුවා බණ්ඩාරගම ජාතික පාසලේ ආදි සිසුවකු වන අතර එවකට කබඩි කණ්ඩායමේ නායකයා ද වේ.
බලංගොඩ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අනුව බලංගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බව සඳහන් වේ.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ශරීරයේ කොටස් රස පරීක්ෂක වෙත යවා විවෘත තීන්දුවක් ලබා දී ඇත.
මියගිය සිසුවාගේ අවසන් කටයුතු හෙට (23) පැල්පොල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.