ආණ්ඩුව නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දෙන බව සදහන් කර තිබුණද මේ වනවිට ලබා දී ඇත්තේ කිසිදු ප්‍රමිතියක් නොමැති පොහොරක් බව අම්බලන්තොට ගොවීහු සදහන් කර සිටිති.
ගොවිජන සේවා නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් ඔවුහු සිය විරෝධය පළ කර සිටියහ.
එහිදී ලබා දී ඇති පොහොර ප්‍රමිතියෙන් තොර බව ඔවුහු ඔප්පු කිරීමටද සමත්වූහ.










