සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී මෙරට විද්‍යූත් මාධ්‍ය නාලිකා දෙකක් සම්බන්ධයෙන් දැඩි විවේචනයක නිරත විය.
එහිදී මෙම නාළිකා දෙක මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඊට මන්ත්‍රීවරයා දුන් පැහැදිලි පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකට ලක්වූ ආකාරයක් දැකගන්නට නොතිබිණ.
නමුත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ මාධ්‍ය නාළිකාවලට අවශ්‍ය ආකාරයේ පිළිතුරු තමන් ලබා නොදෙන බවත්, පක්ෂයේ ස්ථාවරය තමන් පැහැදිලිව පෙන්වා දුන් බවත්ය.










