• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නපුරු 9 සහ පුපුරන 54 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 29, 2020
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
නපුරු 9 සහ පුපුරන 54 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

අලුත් පාර්ලිමේන්තුවේ ඩලස් සහ කුමාර වෙල්ගම අපූරු කතා දෙකක් කීහ. ඩලස් කීවේ අලුත් පාර්ලිමේන්තුව ලංකාවේ නව වන පාර්ලිමේන්තුව බවත්, නවය නපුරු බවත්ය. වෙල්ගම කීවේ 2015 තේරී පත්වූ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ සිටියේ 54ක් බවත්, මෙවර සමගි ජනබලවේගයේ විපක්‍ෂයේ ඉන්නේත් මන්ත්‍රිවරු 54ක් බවය. 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රි ධුර 95ක් ලබා ගත්තේය. එයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු 41ක් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එක්වූහ. ඒ අනුව මෛත්‍රි – රනිල් ආණ්ඩුව පහසුවෙන් ආසන 150ක් හදාගත්තේය. අද පොදුජන පෙරමුණටද මන්ත්‍රී ආසන 150ක් තිබේ. පොදුජන පෙරමුණ 2020 මහ මැතිවරණයේදී ආසන 145ක් ගත්තේය. සන්ධානයේ අනෙක් පක්‍ෂවල මන්ත්‍රිවරු එකතු කළ විට ආසන 150ක් තිබේ.
මේ ආසන 150 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කළ මන්ත්‍රිවරු 14ක් සිටිති. මීට අමතරව මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් ප්‍රබල ඇමැති ධුර දරා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර පොදුජන පෙරමුණට එක්වූ මන්ත්‍රිවරුද විශාල පිරිසක් සිටිති. මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර දරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරු අතරින් මෙම කැබිනට් මණ්ඩලයේ ඇමැති ධුර හිමි වී ඇත්තේ නිමල් සිරිපාලට සහ මහින්ද අමරවීරට පමණි.
මේ 2015 මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර දරපු මන්ත්‍රිවරුන්ය. මෙවර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ඇමැති ධුර ලබපු මහින්ද අමරවීර මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ධීවර ඇමැති ධුරය දැරුවේය. පසුකාලයේ ඔහු කෘෂි කර්මාන්ත ඇමැති ධුරයට පත්විය. මේ ඇමැති ධුර දෙකම ඔහුගේ දිස්ත්‍රික්කයට වැඩ කළ හැකි ප්‍රබල ඇමැති ධුර දෙකකි. නමුත් අද පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ ඔහුට හිමිව ඇත්තේ දිස්ත්‍රික්කයටත් වැඩක් කළ නොහැකි වැඩකට නැති පරිසර ඇමැති ධුරයය. පොදුජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමි වූ අනෙක් ඇමැති ධුරය හිමි වූයේ නිමල් සිරිපාල ද සිල්වාටය. ඔහු මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ දැරුවේ ප්‍රබලතම ඇමැති ධුරයක් වූ ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ධුරයය. මෙවර ඔහුට හිමිවී ඇත්තේ කම්කරු ඇමැති ධුරයය.
මෙවර බතික් කර්මාන්තයට රාජ්‍ය ඇමැති වූ දයාසිරි මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැති විය. මෙවර සූර්යබල විදුලි රාජ්‍ය ඇමැති වූ දුමින්ද දිසානායක මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති විය. ඒ ඇමැති ධුරය ඔහු නියෝජනය කළ උතුරුමැදට සේවය කළ හැකි හොඳම අමාත්‍යාංශය විය. මෙවර දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක තනතුරක් හිමිවූ එස්. බී. දිසානායක මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ සමාජසේවා සහ සමෘද්ධි ඇමැති විය. සමෘද්ධි ඇමැති ධුරය ආණ්ඩුවක ප්‍රබලම ඇමැති ධුරයකි. නියෝජ්‍ය කතානායක ධුරයට පත් රංජිත් සියඹලාපිටිය මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ විදුලිබල සහ බලශක්ති ඇමැති විය. විජයදාස රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කිරීම නිසා රාජ්‍ය ඇමැති ධුරයක් හිමිවූ සුසිල් ප්‍රේම්ජයන්ත් මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ විද්‍යා සහ තාක්‍ෂණික ඇමැති විය. මහින්ද සමරසිංහ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු ඇමැති විය. පසුව වරාය ඇමැති විය. අද ඔහුට රාජ්‍ය ඇමැති ධුරයක්වත් නැත. අනුර ප්‍රියදර්ශන යාපා මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ආපදා කළමනාකරණ ඇමැති විය. අද ඔහුට රාජ්‍ය ඇමැති ධුරයක්වත් නැත. ජෝන් සෙනෙවිරත්න මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ කම්කරු ඇමැති විය. අද ඔහුට රාජ්‍ය ඇමැති ධුරයක් හෝ නැත. චන්දිම වීරක්කොඩි ඛනිජ තෙල් සහ බලශක්ති ඇමැති විය. අද ඔහුට රාජ්‍ය ඇමැති ධුරයක් හෝ නැත. මේ ඇමැතිවරු හැරුණු විට 2020 පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරු මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුර දැරූහ. අද රාජ්‍ය ඇමැති ධුරවත් නැත.
‘ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරු මෛත්‍රි – රනිල් ආණ්ඩුව දුර්වල කරලා පොදුජන පෙරමුණ ශක්තිමත් කරන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුවෙන් එළියට බැස්සේ නිකම්ම නිකන් මන්ත්‍රිවරු විදියට ඉන්නද?’
මේ දවස්වල දවසේ පැය විසිහතරම ඔවුන්ගේ ඔළුවට වද දෙන ප්‍රශ්නය ඕකය. ඔවුන් එදා මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ සිට ඒ ආණ්ඩුව ශක්තිමත් කොට 2020 සජිත් ප්‍රේමදාසව දිනවන්න එක්වූවා නම් අද සජිත්ගේ ආණ්ඩුවේ ඔවුන් ප්‍රබල ඇමැතිවරුය.
‘මොකද වුණේ..?’
වෙලා තියෙන්නේ වඳින්න ගිය රාජපක්‍ෂ දේවාලය ඔවුන්ගේ හිස මත කඩාවැටීමය. දැන් මේ මන්ත්‍රිවරුන්ට වැඩක් නැත. එකම වැඬේ පාර්ලිමේන්තු ලොබියේත් ගෙදරත් මඟුල් ගෙවල්වලත් මළගෙවල්වලත් ආණ්ඩුවේ වැරැදි හොයන එකය. ඒක ඕනෑම ආණ්ඩුවක කලින් මැති ඇමැතිකම් දරල මැති ඇමැතිකම් අහිමි වෙච්ච ඕනෑම මන්ත්‍රිවරයෙක් කරන වැඬේය.
‘අනේ අපිට මැති ඇමැතිකම් ඕනෑ නැහැ. අපි මන්ත්‍රි ධුරවල ඉඳලා රාජපක්‍ෂලාව ආරක්‍ෂා කරල දෙමු…’
මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඇමැතිකම් කරලා අද ඇමැතිකම් අහිමිව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන් කිසිවෙක් මෙහෙම කියයි කියා සිතිය නොහැකිය. අනෙක මොවුන්ගෙන් සමහරු මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ පමණක් නොව 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ සිට මැති ඇමැතිකම් කළ අයය. මොවුන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව දුර්වල කරල එළියට නොඑන්න කවදාවත් රාජපක්‍ෂලාට යළි බලය ගන්න ලැබෙන්නේ නැත. ඒ දවස්වල ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රි – රනිල් ආණ්ඩුවට ගහන කොට චූන් වූයේ මහින්දවාදී පාක්‍ෂිකයන් පමණි. හැබැයි ආණ්ඩුව ඇතුළේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුන් බැඳුම්කරය හෙළිකරද්දී ආණ්ඩුව විදේශ රටවල් සමඟ අස්සන් කරන ගිවිසුම්වලට එරෙහි වෙද්දී ආණ්ඩුවේ දූෂණ, වංචා හෙළි කරද්දී මධ්‍යස්ථ පාවෙන ඡන්දදායකයන්ට ආණ්ඩුව එපා විය. මේක ආණ්ඩුවක් නොව එකිනෙකා ඇනකොට ගන්නා පාණ්ඩුවක් යැයි සිතී ආණ්ඩුව සමඟ වෛර බැඳගත්හ. තමන්ට දුන්න රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්‍ෂේප කළ විජයදාස රාජපක්‍ෂ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ අධිකරණ, ව්‍යවස්ථා සහ සංස්කෘතික ඇමැති විය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එරෙහිව සිංහල බෞද්ධ බලවේගය උසිගැන්වූයේ ඔහුය. අධිකරණ ඇමැති ලෙස ආණ්ඩුව කරන්නේ හොරකම් ඇල්ලීම නොව රාජපක්‍ෂවරු දඩයම් කිරීම යැයි කියා රාජපක්‍ෂවරුන්ට එරෙහි නඩු බල්ලට දාලා මිනිස්සු ඉස්සරහ රාජපක්‍ෂවරුන්ව නිදොස් කළේ විජයදාසය.
‘අපේ ඡන්දවලින් ඇමැතිකම් අරගෙන රාජපක්‍ෂලාට කඬේ යන්න ගිහින් මදැයි තොපිට වෙච්ච දේ…’
අද සමගි ජනබලවේගය ආණ්ඩුවක් නැති වුණත් චූන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට වෙච්ච දේ දැකලා විය යුතුය.
ඩලස් නවය නපුරු යැයි කියන්නේ මේ දේශපාලන චිත්‍රය හොඳට කියවාගෙන විය යුතුය. වෙල්ගම 54 ගැන ආඩම්බර කතා කියන්නේත්, මේ දේශපාලන චිත්‍රය හොඳට කියවාගෙන විය යුතුය. එදා මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ 54 සටන් කරන විට ඒ සටන් කරන හැමෝටම හිතෙන්න ඇත්තේ කළුගලක ඔළුව ගහගන්නවා වගේ හැඟීමක්ය. එක පැත්තකින් මෛත්‍රිට ගහන්න බැරිය. මෛත්‍රිට ගැහුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කොට මන්ත්‍රි ධුරයත් නැති වෙයි. අනෙක් අතින් ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කිරීම හිතාගන්නවත් බැරි දෙයකි.
‘මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් වත් යයි…’
එදා මෛත්‍රි – රනිල් ආණ්ඩුව එක්ක හැප්පෙද්දී ඒකාබද්ධ විපක්‍ෂයෙන් 54 දෙනා අතරින් ආපු හීන් කෙඳිරිය වෙල්ගමට අමතක වෙන්න බැරිය. ඒ දවස්වල මහින්ද හිටියේ මන්ත්‍රිකම නැතිවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය නැති වෙයි කියන බයේය. ඔහු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවලට ඡන්දය දෙන්නවත් ආවේ නැත්තේ ඒ බයටය.
සියල්ල වසරකින්, දෙකකින් වෙනස් විය. මෛත්‍රි සහ රනිල් විරසක විය. බැසිල් පොහොට්ටුව නමින් අලුත් පක්‍ෂයක් හැදුවේය. ආණ්ඩුවට බලා සිටියදීම තුනෙන් දෙක අහිමි විය.
මේ නිසා නපුරු නවයේ පාර්ලිමේන්තුවෙන් සහ තුනෙන් දෙකේ ආණ්ඩු කඩා 54න් පරෙස්සම් වීමට ආණ්ඩුව හොඳ දේශපාලන මන්තරයක් ජප කරල නූලක් බැඳගත යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගුරුදා විග්‍රහය මව්රට පුවත්පතෙන් බැලීම සදහා මෙතැනින් පිවිසෙන්න.

https://e.mawratanews.lk/wp-content/uploads/2020/20200830M1/#page=4
SendShareShare
Previous Post

ජන්දයක් නෑ: අතුරු සම්මතය සම්මතයි

Next Post

සමයන්ගේ වෙඩික්කරු ‘ඉන්ද්‍රා’ පොලිසියෙන් වෙඩි කයි

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.