කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට මායිම්ව මුතුරාජවෙල රක්ෂිතයේ ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අක්කරයක පමණ ප‍්‍රදේශයක් අනවසරයෙන් ගොඩ කිරීම අරඹා ඇති බව වාර්තා වේ.
අදාළ ගොඩ කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ, ප‍්‍රදේශයේ දේශපාලන බල අධිකාරියේ පූර්ණ සහාය ලැබී තිබෙන ප‍්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් බව ජාඇල නාගරික මන්ත‍්‍රී ස්ටෙෆනී ප‍්‍රනාන්දු මහතා පවසා තිබේ.
මේ පිළිබදව ජාඇල නගරාධිපතිවරයා විසින් ජාඇල පොලිසිය දැනුවත් කර තිබෙන බවද වාර්තා වේ.











