යමක් ලබාගැන්ම පහසු කාර්යක්. එහෙත් එය අත්හැරීම පහසු කාර්යක් නොවෙයි. ඒ සඳහා විශාල ආත්ම ශක්තියක් සහ ආත්ම විශ්වාසයක් අවශ්‍ය වෙනවා.
විශේෂයෙන් දේශපාලනයේදී බලය හිමිකරගැන්ම නොව එය අත්හැරීම පහසු කටයුත්තක් නොවන බව ඉතිහාසය පුරා අපි දකිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල බලය සදාකාලිකවම තමා සතුකරගත යුත්තක් නොව, අවශ්‍ය මොහොතේදී අත්හල යුත්තක් බව අපට පසක් කල දුර්ලබ නායකයෙකි, දිවංගත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකයන්.
මේ රටේ පක්ෂ විපක්ෂ මෙන්ම සියළු ජනකොටස්වල ආදරය පුදුම සහගත ලෙසින් දිනා සිටි ඒ චරිතය පරමාදර්ශී චරිතයක්මය.
වර්තමාන දේශපාලනයේ අංකුර දේශපාලකයින් කියවාගත යුතු, පරිශීලනය කල යුතු, වනපොත් කල යුතු දේශපාලන චරිතයක් වේ නම් ඒ ඩඩ්ලි සේනානායකයන්මය.
(සදාදරණීය මතකයන් අප අතර රඳවා ඒ ජනරංජන නායකයාණන් අපෙන් සමුගැන්ම සිදුවී අප්‍රේල් 13 වන දිනට වසර 50 ගතවීම නිමිත්තෙනි.)











