පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරුන් අත්සන් තබන ලද පෙත්සමක් ඊයේ (10) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම පෙත්සමට දෙමළ මන්ත්‍රීවරුන් 15 දෙනකු අස්සන් තබා ඇති අතර ඉන් දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රන් පොන්නමිබලම් යන මහත්වරුන්ද අස්සන් තබා තිබීම විශේෂත්වයකි.
මෙම පෙස්සම ජනාධිපතිවරයා වෙත බාර දෙන ලෙසද ඔවුන් අගමැතිවරයාට දැනුම් දී තිබේ.










