පසුගිය සතියේ දෙනියාය සිට අකුරැස්ස බලා ධාවනය වූ ලංගම බස් රථයේ වැටී තිබූ මුදල් පසුම්බියක් එදිනම එහි අයිතිකරු සොයා බාර දීමට එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා කටයුතු කර ඇත.
එම පසුම්බියේ මුදලින් රුපියල් 15,100ක මුදලක් තිබී ඇති බව පැවසේ.
මෙසේ අදාළ මුදල් පසුම්බිය අයිතිකරු සොයා බාරදීමට පියවර ගෙන ඇත්තේ බස් රථ රියැදුරු වන ඊ. ඒ. වජිර සහ කොන්දොස්තරවරයා වන ප්‍රසාද් කාලිංගය.











