සමෘද්ධිලාභීන් සහ කොරෝනා වසංගතය හමුවේ ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති පවුල් වෙනුවෙන් රජය ලබාදෙන රුපියල් පන්දහස මෙතෙක් නොලැබුණු පවුල් සඳහා අද සිට එම දීමනාව ගෙවීමට නියමිතය.
පෙරේදා දිනය අවසන් වනවිට රටපුරා සමෘද්ධීලාභී පවුල් ඇතුලු ලක්ෂ 18ක පිරිසක් සඳහා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දුන් බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියා සිටියේය.
එම සංඛ්‍යාව තෝරාගත් සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 75 ක පමණ ප්‍රතිශතයක් බවද ඔහු සඳහන් කළේය.










