• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හපුහින්න අමාත්‍යංශ ලේකම්කමින් එළියට විසිවූ රහස එළියට එයි! EXCLUSIVE

March 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
(කොටි) හපුවාගේ කොටි නැටුම…
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් බණ්ඩාර හපුහින්නට හදිසියේම ස්ථාන මාරුවක් ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසටය. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පළමු චෝදනාව එල්ල වූයේ හපුහින්නටය. ඒ, මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ ලිපියක් මුල් කරගෙනය. හපුහින්නගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහු සඳහන් කොට තිබුණේ කැබිනට් ලේකම්වරයා විසින් තමන්ට එවන ලද ලිපියක් මුල් කරගෙන තමන් එම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමුකළ බවකි. නමුත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කැබිනට්ටුව එවැනි තීන්දුවක් නොගත් බවත්, කැබිනට් ලේකම්වරයා එවැනි ලිපියක් යොමුකොට නැති බවත් ප්‍රකාශ කිරීමත් සමග හපුහින්නට විශාල දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මීට සති කිහිපයකට ඉහතදී තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මාධ්‍ය ආයතනයක් විසින් කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය ලබාදෙන ලෙස කළ නිල ඉල්ලීමකට අනුව එම කටයුතු භාර ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් හපුහින්න මහතාගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී හපුහින්න උපදෙස් දී තිබුණේ නීතියට අනුව එවැනි ඉල්ලීමක් ලැබුණහොත් එය ලබාදිය යුතු නිසා අදාළ ලිපිය නිකුත් කරන ලෙසය. නමුත් මේ ලිපිය මාධ්‍යයට නිකුත් වීමත් සමග බරපතළ දේශපාලන අර්බුදයක් මතුවිය. ඉන් එකක් වූයේ එවැනි ලිපියක් නිකුත් නොකළ බවට දිනේෂ් පාර්ලිමේන්තුවට කී කතාව බොරුවක් වීමය. අනෙක කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා වී ඇති බව ඔප්පු වීමය. ඒ හරහා හපුහින්නට එල්ල වී තිබුණු විශාල චෝදනාවෙන් කොටසක් එකවරම ගැළවී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. හපුහින්නට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට බලපෑ පළමු කාරණය වී තිබුණේ එයය.

දෙවැනි කාරණය වූයේ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ඒවාට කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මතුවූ සාකච්ඡාවේදී ඇතිවූ විවාදාත්මක තත්ත්වයකි. මෙහිදී බැසිල්ගේ පාර්ශ්වයේ ඉදිරිපත් වූ යෝජනාවකින් කියැවුණේ හිටපු සභාපතිවරු සහ උපසභාපතිවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් පළාත් පාලන ආයතනවල වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවය. නමුත් ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති වීම නිසා එම යෝජනාව මේ වන විට කුණු කූඩයට විසිවී තිබේ.

අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මේ හා සමානම යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එයද කමිටුවක් හරහා පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටය. මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් හපුහින්නට පැමිණි පසු හෙතෙම ඍජුවම එම යෝජනාව ඉවත දැමීමට පියවර ගෙන ඇත්තේ ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති බව දක්වමිනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත්, කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමත් හපුහින්නගේ අමාත්‍යාංශ ලේකම් ධුරය අහිමි වී ඔහුට ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසට දැනුම් දීමට හේතු වී ඇතිද යන සැකය මේ වනවිට ‌බොහෝ දෙනාට මතුව ඇති බවක් දකගන්නට පුලුවන..

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ලෝකයම එරෙහි වෙද්දී මහින්ද IMF එකෙන් ඩොලර් බිලියන 2.5ක් ගත්ත හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

හරක් කටාට පෙනී ඉන්න සාලිය පීරිස් ලක්ෂ 10ක් ගත්තාද? හරක් කටාව හම්බවෙන්න ඩුබායි ගියාද? සමහර මාධ්‍ය මෙහෙම සාලිය පීරිස්ට ගහන්නේ ඇයි? ගෙදර ඉස්සරහා උද්ඝෝෂණ කළේ කව්ද? සාලිය පීරිස් බය නැතිව ඉස්සරහට ඇවිත් පළමු වරට චෝදනාවලට උත්තර දෙයි! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.