ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද 18) පැවැත්වුණි .
මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයිදින රුළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූහ .
පළාත් පාලන ඡන්දයට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වනදායින් පළාත් පලාන ආයතන කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව කාරණා සාකච්ඡා කෙරුණි .
පළාත් සභා වලට ඇතිවී තිබෙන තත්ත්වය , 19 වනදායින් පසු කාලය අවසන් වන පළාත් පාලන ආයතනයන්ටද අත්විය හැකි බැවින් ඒසම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමුවිය.
මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණි .
මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝහිත අබේගුණවර්ධන , නාමල් රාජපක්ෂ , සංජීව එදිරිමාන්න යන මහත්වරු සහභාගීවූහ.