කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 14 හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ එවකට එහි සේවය කළ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ලබා දීමට නියෝග කිරීමට පසුගිය සතියේදී මහාධිකරණය කටයුතු කළේය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබූ බව එම අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසීය.
අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 4ක සිර දඬුවමකට යටත් කර ඇත.










