• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දැන් පෙන්වනවා..! ප්‍රින්ස් චාල්ස්…! කල්‍යාණි ගංගා..! අලි පැටියයි කහඳගමයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 18, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
දැන් පෙන්වනවා..! ප්‍රින්ස් චාල්ස්…! කල්‍යාණි ගංගා..! අලි පැටියයි කහඳගමයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2022 මැයි මාසයේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණු පින්තූරය ගෝල්ෆේස් අරගලකරුවන්ට ගහන්න ගිහින් ගුටි කාලා යට ඇඳුම පිටින් මහ පාරේ වැටිලා හිටිය මහින්ද කහඳගමගේ පින්තූරයය. පසුව ගෝඨාගේ ආණ්ඩුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. රනිල් අගමැති වුණේ ඉන් පසුවය. රනිල් අගමැති වෙලා මැයි 18 පාර්ලිමේන්තුවේදී සැර කතාවක් කළේය. පහත දැක්වෙන්නේ ඒ කතාවය.
‘ගාලුමුවදොරට පහරදුන්න මැර කණ්ඩායම් ගැන කරන පරීක්ෂණ ගැන මම නම් සෑහීමකට පත්වන්නේ නැහැ. මම පොලිස්පතිතුමාට කතා කරලා කිව්වා. ඔහු කිව්වා නීතිපතිගේ නියෝගවලට අනුව ඔහු කටයුතු කරනවා කියලා. මම ඔහුට කිව්වා මේ පරීක්ෂණ ගැන පාර්ලිමේන්තුවට වාර්තා කරන්න කියලා. මම මේ ප්‍රහාරය හෙළාදකිනවා විතරක් නෙවෙයි. ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්නවා…’

රනිල් වික්‍රමසිංහ
18 මැයි 2022
පාර්ලිමේන්තුව

ඉන් පස්සේ රනිල් ජනාධිපති විය. ගෝඨා අත්අඩංගුවට ගත් ගෝල්ෆේස් අරගලයට පහරදුන් සියල්ලන් නිදහස් විය. මහින්ද කහඳගමත් නිදහස් විය. ඉන් පසු මහින්ද කහඳගම සද්දෙ වහලා හිටියේය. දැන් ඔහු යළි කරළියට පැමිණ සිටී. ඒ, යූ.ඇන්.පී.යෙන් කොළඹ නගර සභාවට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙමිනි. පොහොට්ටුව කොළඹ නගර සභාවට තරග වදින්නේ යූ.ඇන්.පී. අලියා ලකුණෙනි. අලියා ලකුණෙන් තරග කරන්න පොහොට්ටු පක්ෂයේ ලොක්කා බැසිල් රාජපක්ෂ යූ.ඇන්.පී. නායක රනිල්ට දුන් පොහොට්ටු අපේකෂක ලැයිස්තුවේ නොම්මර එකේ අපේක්ෂකයෙක් වන්නේ මහින්ද කහඳගමය.

‘රනිල් ආවේ අරගල මර්දනය කොට හැංගිලා හිටපු රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයෝ කරළියට ගේන්න කියන කතාව කියන්න තවත් ලුණු ඇඹුල් ඕනෙද…?’

ඕනෙ නැත. කහඳගම මුහුණදුන් අනතුර භයානක අනතුරකි. එවැනි අනතුරකට මුහුණ දුන් කෙනෙක් යළි දේශපාලනයට එනවා තියා මැදමුලන දිහා හැරිලාවත් බලයි කියා හිතන්න බැරිය. ඒත් කහඳගම හයිය අරන් තියෙන්නේ රනිල් දුන්න චාන්ස් එකෙන්ය. ඔහු අද පුංචි ඡන්දයේ අපේක්ෂකයෙකි. ඔහු පුංචි ඡන්දයේ අපේක්ෂකයෙක් වුණත් තවම පෝස්ටරයක්වත් ගහල නැත.
කහඳගම පෝස්ටර් කටවුට් දෙයියෙකි. මහින්දගේත් ගෝඨාභයගේත් ඡන්දවලදී පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා යෝජනාවලට එරෙහිව කොළඹ පවත්වපු විරෝධතා රැලිවලදී කහඳගම කොළඹ පෝස්ටර්, කටවුට්, කොඩිවලින් වහන්න සමත් විය. එහෙව් කහඳගමට අරගලකාරයෝ දේශපාලනය එපාකෙරුවත් රනිල්ගේ හයියෙන් ඔහු යළි දේශපාලනයට පැමිණ ඇත.

ඒත් තවමත් ඔහු ඔහුගේ සාම්ප්‍රදායික දේශපාලනයට බැහැලා නැත. හේතුව එළියට බහින්න ඔහුට චකිතයක් ඇතුවා විය හැකිය. ඇමෙරිකාවට ගිය බැසිල් හදිසියේ ලංකාවට පැමිණ ඡන්දෙට බැස්සේ පොහොට්ටුවට ප්‍රධාන විපක්ෂයට යන්න ඡන්ද තියයි කියලා හිතාගෙනය. මේ නිසා ඔහු මුලින් රනිල්ගේ ඡන්දය කල්දමන ගේමට බැස්සේ නැත. ඒත් දැන් බැසිල්ටත් තේරෙන්නේ සටන තියෙන්නේ සමගි ජන බලවේගය සහ ජේ.වී.පී. අතර කියන එකය. බැසිල්ලත් දැන් රනිල්ගේ ඡන්දෙ කල්දමන ගේමට බැහැලා වැඩ කරයි. බැසිල්ගේ බය ඩලස්-ජී.එල්.ලාගේ නිදහසේ වේදිකාව ගන්න ඡන්ද ගැනය. ඉතින් කහඳගමලාත් අලියා පිටින් කලඑළි බහින්න හිතාගෙන හිටියාට දැන් අකුලාගෙන සිටී. බැසිල්ලාත් කහඳගමලාත් රනිල්ගේ ඡන්දෙ කල්දමන ගේමට හුරේ දමමින් සිටී,
රනිල්ගේ ඡන්දෙ කල්දමන ගේමේ අලුත්ම චරිතය ගංගානිය. ඇය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සභාපතිනි ලෙස පත්කළේ අද යූ.ඇන්.පී. ලේකම් රංගේ බණ්ඩාරය. ඔහු එවක වෘත්තීය නිපුණතා රාජ්‍ය ඇමැතිය. මුද්‍රණ දෙපාර්තමේන්තුව තිබුණේ රංගේ බණ්ඩාර යටතේය. ගංගානිට සභාපති ලියුම දුන්නේ රංගේ බණ්ඩාරය.

‘එතකොට අද ඡන්ද කාඩ්පත් මුද්‍රණය කරන්න බැහැ කියලා ගංගානි කියන්නේ ඇයව පත්කළ රංගේ බණ්ඩාරගේ පක්ෂයට ඡන්ද හොයාගන්න බැරි නිසාද…?’

කියන්න දන්නේ නැත. හැබැයි ඡන්ද කාඩ්පත් මුද්‍රණය කරන්න බැරි හේතුව ලෙස ඇය කියන්නේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලපු සල්ලි ලැබුණේ නැහැ කියාය. ලංකාවේ ඕනෑම මුද්‍රණ ආයතනයක් මුද්‍රණ කටයුතු කරන්නේ ණයටය. සල්ලි ගෙවන්නේ පසුවය. අනෙක රජයේ මුද්‍රණාලය මීට පෙර ඡන්ද වැඩ කර ඇත්තේ ණයටය. රජයේ අනෙක් වැඩ කර ඇත්තේත් ණයටය. විගණන වාර්තාවලට අනුව රජයේ මුද්‍රණ්‍ය දෙපාර්තමේන්තුවට 2010 සිට රජයේ විවිධ ආයතනවලින් හිඟ මුදල් කෝටි 18ක් පමණ අයවිය යුතුය. 2021දී ලැබී ඇත්තේ කෝටි දෙකක් පමණි. ඒ කියන්නේ 2015 ජනාධිපතිවරණයට 2015 මහ ඡන්දයට 2018 පුංචි ඡන්දයට 2019 ජනාධිපතිවරණයට 2020 මහ ඡන්දයට මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකාවලටත් මුදල් ලැබී ඇතිදැයි සැකසහිතය. එසේ තිබියදී ඇය ඒ ගැන කතා නොකර මේ පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න මුදල් ඉල්ලන්නෙ යූ.ඇන්.පී.යේ නායකයාගේත් යූ.ඇන්.පී. මහලේකම්ගේත් වුවමනාවටදැයි සැකසහිතය.

ගංගානි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත් පළමු කාන්තාවය. ඒ කාන්තාව අද පාවිච්චි වන්නේ ඡන්දයක් කල්දමා ගන්නටය. ඇයට පෙර මේ වැඩේට පාවිච්චි කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ය. ඇයව උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කළේ ගෝඨාභයය. ඇයව මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ලෙස පත්කළේත් ගෝඨාභයය. ප්‍රින්ස් සරෝජිනී මන්මදරාසා චාල්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසමට යවන්නේ නැතුව රනිල්ට යැව්වේ කොමිසමේ ගැටුමක් තියෙන බවට රනිල් කරන ප්‍රකාශය ඔප්පු කර පෙන්වන්නටය. රනිල් ඇයගේ ඉල්ලා අස්වීම නොපිළිගත්තේ කොමිසමේ ගැටුම උසාවියට ගෙන යන්න හිතාගෙන විය යුතුය. ඒත් ඇයට එල්ල වූ විරෝධය හමුවේ ඇය රනිල්ගේ ගේමට පාවිච්චි වීමට බය වෙන්න ඇත. ඒ කාලයේ රනිල් රටටම පෙන්වූයේ ප්‍රින්ස් චාල්ස් නාටකයය. ඇය එහි ප්‍රධාන චරිතයය. දැන් පෙන්වන්නේ කල්‍යාණි ගංගානිය.

‘ගංගානිත් චාල්ස් වගේ පාඩමක් ඉගෙන ගනීද…?’

ගංගානිගේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වැටෙන්නේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයටය. එහි ලේකම් අනුෂ පැල්පිට, මහින්දව 2015 ජනාධිපතිවරණයේදී දිනවන්න සුදු රෙදි බෙදන්න ගොස් හිරේ ගිය අයෙකි. ආණ්ඩුවේ නිලධාරියෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති වගකීම ඉටු නොකොට දේශපාලනඥයන්ගේ වගකීම් ඉටු කරන්න ගියාම යන්න වෙන්නේ හිරේය. ලංකාවේ පල්ලිවලට ත්‍රස්ත තර්ජනයක් ඇතැයි විදේශ ඔත්තු සේවා කියද්දී ජනාධිපති මෛත්‍රීපාල ඒ තර්ජනත් තමන්වත් බලාගනී කියලා හිතපු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ට වෙච්ච දේත් ගංගානිට මේ වෙලාවේ පේන්නේ නැතිවා විය හැකිය. මේ ඡන්දය කල්දමන්නේ රනිල් නොව ගංගානිය. රනිල් කරන්නේ රූකඩ නටවන එකය. ගංගානි අලුත්ම රූකඩයය.

‘ඡන්දෙ නොතිබ්බොත් මොනවා වෙයිද…?’

ඡන්දෙ නොතිබ්බොත් රනිල් තමාව බලාගනී කියලා ගංගානි හිතනවා විය යුතුය. චාල්ස්ද එහෙම හිතලා ලියුම යැවුවාය. අන්තිමේ ඒ පාපකර්මයට හවුල් වෙන්න ඇය බය වූවාය. රනිල් හිතන්නේ ඡන්දය නොතිබ්බාම මුකුත් වෙන්නේ නැහැ කියාය. ඡන්දය නොතිබ්බත් හෙට උදේට ඉර පායයි, හවසට ඉර බහියි, මම ජනාධිපති පුටුවෙ ඉඳියි කියා රනිල් හිතයි.

‘ඡන්දෙ නොතියා රනිල්ට ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්ද…?’

ඉන්න නම් පුළුවන. අයි.එම්.එෆ්. සල්ලි නැත. ජී.එස්.පී. ප්ලස් නැත. හැමදාම උද්ඝෝෂණ, හැමදාම වැඩවර්ජන, හැමදාම අරගලය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියට ගිය විට අයි.එම්.එෆ්. සහ යහපාලනය යනුවෙන් වෙනම වෙබ් පිටුවක් තිබේ. එහි සඳහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන යහපාලනයක් තමන් සමග ගනුදෙනු කරන රටවලින් අයි.එම්.එෆ්. බලාපොරොත්තු වන බවය. රනිල් ජනාධිපති වූ පසු මෙහි පැමිණි අයි.එම්.එෆ්. නියෝජිතයා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග එකඟතාව ඇති කරගත්තාට පසු පැවැති මාධ්‍ය හමුවේදී කීවේ අයි.එම්.එෆ්. කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ජන වරමක් තිබිය යුතුය කියාය.

‘එහෙනම් ඇයි අයි.එම්.එෆ්. ඡන්ද තියන්න කියලා කියන්නේ නැත්තේ…?’

අයි.එම්.එෆ්. ප්‍රසිද්ධියේ දේශපාලනය කතා කරන්නේ නැත. හැබැයි ඔවුන් කතා කරන භාෂාවක් තිබේ. ඒ භාෂාව නම් එකඟතා සම්පූර්ණ කර නැති නිසා ලංකාවට දෙන අයි.එම්.එෆ්. මුදල් අනුමත කළ නොහැකි බවය.

ඊළඟට ජී.එස්.පී. ප්ලස්ය. රනිල් ජනාධිපති වූ පසු යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා නියෝජිතයන් සමග 2022 නොවැම්බර් 02 සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී යුරෝපා සංගමය දැඩිව කීවේ ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කොට යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කමය. අද රනිල්ගේ ආණ්ඩුව ගහන්නේ මැතිවරණ කොමිසමටය. කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කරයි. ඡන්දෙට සල්ලි දෙන්න බැහැ කියයි. රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය ලවා බලපෑම් කරවයි. ලංකාවට ජී.එස්.පී. ප්ලස් දෙනවාද යන්න තීරණය කිරීමට නියමිතව ඇත්තේ මාර්තු මාසයේය. ඡන්දෙ නැතිනම් සොරි ඩොට් කොම්ය.

රනිල් හිතන්නේ තමන්ගේ ඇඟේ ගාගන්නේ නැතිව ප්‍රින්ස් චාල්ස්, කල්‍යාණි ගංගානිලාගේ ඇඟේ ගාවලා ඡන්දෙ කල්දමා ගන්න පුළුවන් කියාය. හැබැයි මේ වෙනකොට අර මෛත්‍රී කිව්වා සේ ඡන්දෙ කල්දමන්න කුමන්ත්‍රණ කරන්න ගිහින් කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඉවරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් දැන් රත්නපුරේ! සජීවීව ‌බලන්න මෙතැනින් පිවිසෙන්න! LIVE VIDEO

Next Post

නීතීඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්! ඡන්දය කල් දාන උත්සාහය වහා පරාජය කළ යුතුයි! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.