• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැක්ක දුටු තැන අවේගශීලී වෙන ත්‍රස්තවාදයක් හිස ඔසවලා! මරන්න ලෑස්තියි! කුණුහරුපයෙන් බණී! පවුලටම සාප කරයි! ගිනි තියන්න හදයි! Sri Lanka Latest News

September 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දැක්ක දුටු තැන අවේගශීලී වෙන ත්‍රස්තවාදයක් හිස ඔසවලා! මරන්න ලෑස්තියි! කුණුහරුපයෙන් බණී! පවුලටම සාප කරයි! ගිනි තියන්න හදයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේක ඡන්ද කාලයක්. ඡන්ද කාලෙට කවුරු කවුරුත් ඇවිළෙනවා. ප්‍රශ්න ඇතිවෙනවා. දේශපාලන වශයෙන් මිනිස්සු කොටස්වලට බෙදෙනවා. හැබැයි ඡන්දයක් ඉවර වෙලා ටික කාලයක් ගියාට පස්සේ ඔක්කොම එකතු වෙලා එක කණ්ඩායමකට බණින්න පටන් අරගන්නවා. විවේචනය කරගන්න පටන් අරගන්නවා. හැබැයි මේ ඡන්ද කාලේ අද වෙද්දී රට ඇතුළේ තියෙන දේශපාලනික ක්‍රියාකාරකම් ගැන බලාගෙන ඉන්නකොට අපිට සමහර දේවල් දැක්කම හිතෙන්නේ පොඩි අප්‍රසන්න හැඟීමක්. ඒකට හේතුව ඡන්දේ කවුරු දිනුවත් අපි හොඳටම දන්නවා මහජනතාව පරදින බව. මේ වතාවෙවත් එහෙම නොවුණොත් ලොකු දෙයක්. හැබැයි අපි පිල්වලට බෙදිලා කෑලි කෑලිවලට කඩාගෙන එක එකා මරාගත්තට ඇත්තටම ඔය දේශපාලන නායකයෝ එහෙම අමනාප නෑ. ඒක නොදන්නාකමට අපි ෆේස්බුක් එක ඇතුළේ, සමාජ මාධ්‍ය ඇතුළේ එක එක සෙප්පඩ විජ්ජා කරමින් විවිධාකාරයේ තර්ජන ගර්ජන ඉදිරිපත් කරමින් අපි හිතන හිතන විදියට විවිධාකාරයේ ප්‍රසංග ඉදිරිපත් කළාට ඇත්ත දේශපාලනය ඇතුළේ අපි හැමෝම පරාජිතයි කියන එකයි මගේ හැඟීම. (Sri Lanka Latest News)

කොහොම වෙතත් ලංකාවේ දේශපාලන ක්‍රියාකාරකම් දිහා බලද්දී අපට මේ ළඟදී දකින්න ලැබුණු හරිම අප්‍රසන්න සිදුවීමක් තමයි එක්තරා පොතක් සම්බන්ධව මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ගත්ත පියවර. පක්ෂයක් සහ ඒ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන පොත් ලිවීම මේ රටේ තහනම් කළේ කවදාද කියන එක අපි ඔබෙන් ප්‍රශ්න කරනවා. මොකද එහෙම කරන්න බෑ. ලංකාවේ පක්ෂය දේශපාලනය ගැන, දේශපාලන කණ්ඩායම් ගැන, දේශපාලකයන් ගැන, දේශපාලනයට සහභාගි වන පුද්ගලයන් ගැන විවිධාකාරයේ පොත් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. අඩුම තරමේ සමාජ මාධ්‍ය ඇතුළේ පවා මේක දරුණු ලෙස විවේචනය කරද්දී ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෝ, ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ, ප්‍රගතිශීලී ලෙස පෙනීසිටින අයවත් ඉදිරිපත් වුණේ නෑ. මේකේ විශේෂත්වය තමයි සමහරු කියලා තිබුණා මේ පොත විනාශ කරන්න කියලා. ගිනි තියන්න, විනාශ කරන්න, මරන්න, කුඩුකරන්න, හැප්පෙන්න කියලා තර්ජනය කරන ෆේස්බුක් ත්‍රස්තවාදය අයිති කාටද? අපි මේ අහන්නේ ලංකාවේ ඉන්න දේශපාලකයන්ගෙන්. ඔබේ කණ්ඩායමට ඔබේ කල්ලියට ඔබේ පිරිසට ඔබ කියලා තියෙනවද අන් මත දුටු තැන පහරදෙන්න, අන් මත දුටු තැන මරන්න ලෑස්ති වෙන්න, ඒ මිනිස්සුන්ට කුණුහරුපෙන් බණින්න කියලා.

ලංකාවේ එක්තරා දේශපාලන කණ්ඩායමක් මේ වෙද්දී ෆේස්බුක් එක ඇතුළේ පුංචි හරි දෙයක් කියලා ඒ කණ්ඩායම, ඒ නායකයන් විවේචනය කළොත් දරුණු ලෙස පහරදෙන්න තර්ජනය කරන්න මරණ තර්ජන එල්ල කරන්න පටන් අරගෙන තියෙනවා. මේක අපේ රට ඇතුළේ හෝ ලෝකයේ වෙනත් රටක අපි මීට කලින් දැක්ක දෙයක් නෙවෙයි. යම්කිසි පුද්ගලයෙක් තවත් කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගත්තම, තවත් නායකයෙක් හොඳයි කිව්වම, තවත් දේශපාලන පක්ෂයක් වර්ණනා කළාම, තවත් දේශපාලන කණ්ඩායමක ක්‍රියාකාරීත්වය විවේචනය කළාම, දේශපාලකයෙක්ව විවේචනය කළාම, මම ඡන්දේ දෙන්නේ කියලා අහවලාට කියලා කිව්වම එක කණ්ඩායමක පිරිස මේ මොහොතේ ක්‍රියා කරන්නේ අපිට ඡන්දේ දෙනවා නම් විතරයි ප්‍රගතිශීලී, අපිට ඡන්දේ දෙනවා නම් විතරයි මිනිස්සු, අපිට ඡන්දේ දෙන්නේ නැත්නම් මරන්න ඕනේ, අපිට ඡන්දේ දෙන්නේ නැත්නම් කුඩුකරන්න ඕනේ, මුංගේ ගෙවල්වලට පැනලා ගහන්න ඕනේ, මුංව තියන්න හොඳ නෑ, මුංගේ අතපය කඩන්න ඕනේ කියලා වහසිබස් දොඩමින්, තර්ජනය කරමින්, කුණු කතා කියමින්, අනිත් මිනිහා අපහසුතාවට පත්කරන්න පටන් අරගෙන. මේක ඒ නායකයන්ගේ අනුදැනුම මත සිදුවෙන දෙයක්ද, නැත්නම් නායකයෝ නොදැන සිදුවෙන දෙයක්ද කියලා අපිට හරි බයයි. අපිට හරි සැකයි. මොකද ඒකට හේතුව රටේ දේශපාලනයේදී අපි දන්නවා කවදාවත්ම අපේ රටේ 100%ක් එක පක්ෂෙකට ඡන්දේ දෙන්නේ නෑ. අපේ රටේ මිනිස්සු හරිම පක්ෂය තෝරගෙන ඡන්දේ දෙන්නෙත් නෑ.

දේශපාලනික වශයෙන් ගත්තට පස්සේ සමහර දේශපාලන තීන්දු මිනිස්සු ගන්නේ ඉතා වැරැදි විදියට, අඳබාල විදියට. අපි හොඳටම දන්නවා 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභය මහත්තයට, ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කරලා, කිරිබත් කාලා, නටලා, ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා උත්සව පවත්වලා විවිධාකාරයේ සතුටු සාමීචිවල යෙදිලා පාටි දාලා අන්තිමට සියලු දෙනාම එකතු වෙලා දේශපාලන ක්‍රියාකාරීත්වය විවේචනයට ලක්කරලා දේශපාලකයෙක් විදියට ඔහුට දේශපාලනය කරන්න නොදී, ඔහුගේ ගේ වටකරලා, ඔහුගේ නිල නිවාස වටලලා ඔහුව තනතුරෙන් පන්නලා දාන තැනට පත්වුණා. එහෙම නම් කවුද හරි, කවුද වැරැදි, කවුරු හිතන විදියද හරි, කාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයද හරි කියලා කාටවත් ඉරි ගහන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ෆේස්බුක් එක ඇතුළේ තියෙන ත්‍රස්තවාදයට එරෙහි වෙන්න ඕනේ. මොකද ෆේස්බුක් එකේ එහෙම තග් ලෙවල් එකෙන් වැඩකරන්න තරම් මේ රටේ මලින් උපන් කුමාරවරු කවුරුවත් ඡන්දේ ඉල්ලන්නේ නෑ. මේ හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙනවා. අනිත් එක පුළුවන් තරම් ගොං වැඩ කරලා, පුළුවන් තරම් ගොං පාට් දේවල් ෆේස්බුක් එකේ දාලා, නිකන් බොරුවට පඩ ෂෝ දාලා අන්තිමට අපි දුන්නා තමයි, ඒ වුණාට අපි එළෙව්වනේ කියන ගොං පාට් බඩුවලට මේ රටේ දේශපාලනයේදී හෙණ පොරත්වයක් ආරෝපණය වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට හැදෙන ළදරු වලිප්පුව වගේ රෝගයක් නිසා කියලයි අපිට හිතෙන්නේ. ඒ නිසා මේ ළදරු වලිප්පුකාරයෝ ෆේස්බුක් එකේ දාන ෂෝ එක, එහෙම නැත්නම් ගොං පාට් එකට සාමාන්‍ය පුරවැසියෝ විදියට අපි විරුද්ධ වෙන්න ඕනේ.

නායකයෝ ගැන පුද්ගලයෝ ගැන ඒ අයගේ තියෙන කතාවල් ගැන විවේචන ඉදිරිපත් කරන්න, ඒ අයගේ වැරැදි අඩුපාඩු කියන්න ඕනේ කෙනකුට අවස්ථාව තියෙනවා. හැබැයි පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය, ඇඳුම, ඩෙනිම, ඒ අයගේ නෑදෑ හිතමිත්‍රකම් ගැන, සමහර ක්‍රියාකාරීත්වයන් ගැන, ඒ අයගේ බිරින්දෑවරුන් ගැන කතා නොකළ යුතුයි. ශිෂ්ට සමාජය නොකළ යුතු දේවල් ඕනේ තරම් තියෙනවා. හැබැයි අපි ශිෂ්ට සමාජයේ නොකළ යුතු දේවල් හැමෝම එකතු වෙලා කරන ගමන්, සියලු දේශපාලකයන්ට විරුද්ධව ශිෂ්ට සමාජයට කිසිසේත් නොගැළපෙන අශිෂ්ටත්වය මුදාහරින ගමන් අල්ලපු ගෙදර එකා ෆේස්බුක් එකේ දෙයක් දැම්මම උගේ අම්මට කියලා බණිනවා නම්, දන්න අඳුනන එකෙක්ව ෆේස්බුක් එක ඇතුළේ තුට්ටු දෙකට දාලා, කුණුහරුප කියලා, නන්නත්තාර කරලා විවේචනය කරනවා නම්, උන්ට ගෙල වැලලාගන්න හිතෙන තැනට පත්කරනවා නම් මතක තියාගන්න ඕනේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ ඔය එක එකාගේ කුණුහරුප අතහරින්න තියෙන තැනක් නෙවෙයි කියන එක. සමාජ මාධ්‍ය කියලා කියන්නේ මිනිස්සුන්ට මිත්‍රශීලීත්වයක් ගොඩනගාගෙන වැඩකරන්න ඕනේ තැනක්. මේ හරක් කරන මේ ක්‍රියාකාරීත්වය අපි නම් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අන්තිම මොහොතේ රනිල් ගහන ඡන්ද ගුණ්ඩුවලට මිනිස්සු රැවටෙයිද? මෙන්න පාර තොටේ මිනිස්සු කියන කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

අද රත්නපුරේට ගියා! එකම ජන ගඟයි! බණ්ඩාරවෙලට ගියා! එකම ජන ගඟයි! දැන් කල්මුණේට ආවා! මුස්ලිම් ජන සුනාමියක් සජිත් බලන්න ඇවිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.