අද දිව්රුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ සමූහ ජායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කොට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු කැබිනට් ඇමැතිවරුන් සියල්ලම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩවසන දළදා මාළිගාව ඉදිරිපිට සිට මෙම සමූහ ජායාරූපය ගෙන තිබේ.
අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දුන්නේ මාලිගාව ඇතුළත පිහිට මගුල් මඩුවේය.










